Tuesday, December 4, 2012

කියක් හරි හොයා ගමුද මාසේ අදායමට ......

ඔයාලා කැමතිද දවසකට $ 10ක් වැටහෙන්න කිව්වොත් රුපියල් 1300ක් විතර විනාඩි 5ක් - 10ක් වගේ ඇතුලත හොයා ගන්න? අද කාලේ ඒක ලොකු දෙයක් ‍නේද? අපිට මේ $10 ලොකු ගානක් උනාට අපිට මේ චාන්ස් එක දෙන site එකට නම් ඒක පොඩි ගානක්. මොකද අපිට $10ක් දෙද්දි එයාලා $100ක් විතර උපයලා. ඒත් අපිට මොකද? වැඩි මහන්සියක් නැතුව අපිටත් රුපියල් 1300ක් විතර ලැබිලනේ.

හරි සීන් එක මෙහෙමයි කරන්න ඕන.මුලින්ම කියන්න ඕන බයක් සැකයක් තියා ගන්න එපා කියලා.කොහෙමත් ළග තියෙන දෙයක් නැති වෙන්නෙ නැති නිසා බයක් මොකටද? $1000ක් එකතු උනාට පස්සෙ සල්ලිත් එවන නිසා සැකයකුත් නෑ. ඒ කිව්වේ මාස 3කින් $1000, රුපියල් නම් 130,000ක් විතර ඔයාගේ අතේ. ඒක කියවද්දිත් හිතට අමුතු ආසාවක් එනවා නේද? 



මේකෙත් ඇවිත් adds click කරන්න තමයි තියෙන්නෙ. වැඩිය data use වෙන්නෙත් නැහැ. දවසකටම යන්නෙ 6 MB වගේ පොඩි ගානක්.ඔයාලත් මූණු පොතේ ඉන්න ගමන් විනාඩි 5ක් වැය කරලා බලන්නකො මේකට.ඔයාලට අනිවා දවසකට රුපියල් 1300ක් අවමයෙන් හොයා ගන්න පුළුවන්.
ඒකට පහළ දාලා තියෙන link එකෙන් ගිහින් register වෙන්න.ඒකටත් විනාඩි 2ක් වත් යන්නේ නැහැ.පොඩි වැඩක් තියෙන්නෙ.මේ link එකෙන්ම register වෙන්න.ඒක ඔයාලටත් හොදයි.මටත් හොදයි.නිකන් register වෙන්නෙ නැතුව මේ ලින්ක් එකෙන් ගියාම adds වැඩි ගණනක් ලැබෙනවා.මොකද ඔයාලා register වෙන්නේ මගේ යාළුවෙක් විදියට නිසා ඒ link එකෙන් ගියාම.එතකොට තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ adds වැඩි ගණනක් ලැබෙන්නේ. Register උනාට පස්සේ user name & password එක දීලා ලොග් වෙන්න.

දැන් තමයි සල්ලි හොයන්න පටන් ගන්න තියෙන්නෙ. ලොග් උනාට පස්සේ වම් පැත්තෙ මැද හරියට වෙන්න තියෙන
Get paid to click කියන එක click කළාට පස්සේ adds දෙනවා. ඒ දෙන adds click කරලා තත්පර 30ක් හෝ තත්පර 60ක් ඉන්න වෙනවා බලාගෙන.කොච්චර වෙලා ඉන්න ඕනද කියලා add එක click කරන තැනම තියෙනවා වාගේම add එක click කළාට පස්සේ වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙ‍වී යනවා. add එකක් click කරලා ඒ කියන තත්පර ගාන ඉවසලා ඉන්න add එක open එකේ තියා ගෙන.මම කිව්වේ අර වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙ‍වී යනවා කියලා.එතන තත්පර ගාන 0 උනාට පස්සේ ඉලක්කමක් පෙන්නනව.ඊටම ටිකක් දකුණු අත පැත්තට වෙන්න තව ඉලක්කම් 4ක් පෙන්නනවා.මුලින් කිව්ව ඉලක්කමට සමාන ඉලක්කම දැන් කිව්ව ඉලක්කම් 4න් හරියටම තෝරලා click කරන්න. වැඩේ වැරදුනොත් නම් ඒ add එකේ සල්ලි ටික නැති වෙන නිසා පරිස්සමට හොදද.එහෙම දවසින් දවස ඔයා adds click කරලා හම්බ කරලා තියෙන ඩොලර් ගණන වගේ සියළුම ඔයාගේ account එක සම්බන්ද මුදල් ගැන තොරතුරු බලාගන්න පුළුවන් ක්ෂණිකවම status click කරලා.

ඒ වගේම තව දෙයක් තියෙනවා වැදගත්.නැත්නම් අපේ අය ඒකත් අවුලක් කර ගනීවි.මොකද මේ නමින්ම සල්ලි දෙන්නෙ නැති site එකක් තියෙනවා අන්තිමට .com වලින් ඉවර වෙන.ඒත් මේ site එක ඉවර වෙන්නේ .org වලින් කියලා මතක තියා ගන්න.ඒක කිව්වේ වංචා සහගත site වලට අහු නොවී ඔයාලා කරන දේ කිසිම සැකයකින් තොරව කරන්න ඕන නිසා.බය නැතිව වැඩේ කරන්න.මොකද හරියට වැඩේ කළොත් ඔයාල ගොඩ.මාස 3න් අනිවා රුපියල් 130,000ක් අඩුම තරමින් අතේ. මොකක් හරි නස්පුට් එකක් උනොත් කොමෙන්ටුවක් දාන්න.මමත් දන්න දෙයක් නම් අනිවා උදව්වක් කරන්නම්.මෙන්න link එක. දැන් එහෙනම් තව හිත හිත ඉන්නෙ නැතුව register වෙලා වැඩේ පටන් ගන්න. සුභපතනවා හැමෝටම!!

http://www.twodollarclick.org/index.php?ref=sahanvck
(FB මිතුරෙකුගේ උපකාරයෙන් සොයා ගන්න ලදී....)

Monday, October 8, 2012

මිනින්දෝරු කන්තෝරුවේ


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ අරිවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උලලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බන්ඩිගෙ දෙනියේ පස් යට  .... //

මිනින්දෝරු කන්තෝරුවේ........

දෙයි හාමුදුරුවො දන්නවන් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සන්හිද පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට   .... //

මිනින්දෝරු කන්තෝරුවේ........

ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ

Thursday, September 20, 2012

@@@... ඉන්ටර් වීව් ... @@@

කොහොමද ඉතින් මචංලා ඔන්න අදත් ආවා කුණු හරැපයක් කියල යන්න නේද...........

ඔව් ඔව් ඒකට තමයි ඉතින් වෙන මොකටද නේද....... හික්ස්..............
හරි ඉතින් පටන් ගනිමුකෝ හුරේ කියල..

ඔන්න ඉතින් එකෝමත් එක රටක යුද්ධ තිබ්බ කාලයක් තිබ්බනේ.. ඒ කිලේ අපේ බුවෙක් ගියාලු ආමි එකට බැදෙන්න කියල අර ඉන්ට වීව්ද මොකද්ද එකට,



ඉතින් මේ ඉන්ට වීව් එකට අම්බානක පොලිමලු, මේ මේ අපේ බුවාරිස් පොලිමේ අන්තිමට ඉදගෙන දානවලු මනෝපාරක්,

“මම කැපුනොත් අවුලක් නෑ, ඒත් තේරැනොත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි“

1. වැඩට කොළඹට දායිද.
2. යාපනේට දායිද...........?

කොළඹ නම් අවුලක් නෑ, ඒත් යාපනේට දැම්මොත් ආයිත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි......
1. ජීවත් වෙයිද...
2. යුද්දෙදි මැරෙයිද........?

ජීවත් උනොත් අවුලක් නෑ, ඒත් කෙළ වෙන්න මැරැනොත් තවත් ප්‍රශ්ණ 2යි යකෝ....
1. මිනිය වල දායිද..
2.පුච්චයිද...........?

හ්ම්............. වල දැම්මොත් නම් ගින්නක්ම නෑ ඒත් රෙද්ද පිච්චුවොත් තවත් ප්‍රශ්ණ 2යි හු&@.....
1. අලු ටික ගගට දායිද
2.තැන්පත් කරයිද........?

තැන්පත් කරොත් මට අවුලක් නෑ. ඒත් අම්මට හු&** ගගට දැම්මොත් මල රෙද්දයි තවත් ප්‍රශ්ණ 2යි යකෝ......
(අලු ටික වැලිත් එක්ක සෙට් උනොත්)
1. ඒ වැලි වලින් ටිෂු පේපර් හදයිද
2. ටොයිලට් පේපර් හදයිද........?

හම්........... ටීෂූ නම් ගින්නක්ම නෑ. ඒත් ටොයිලට් පේපර් ගැහුවොත්.. ඉදල වැඩක් නෑ තවත් ප්‍රශ්ණ 2යි.......
1. ඒකෙන් ගෑනු පිහයිද
2. පිරිමි පිහයිද.........?

පිරිමි වෙච්ච මට පිරිමියෙක් අවුලක් නෑ, ඒත් රෙද්දෙ ගෑනියක් උනොත්.... තවත් රෙද්දෙ ප්‍රශ්ණ 2යි.......
1. පු* පිහියිද...
2. හු** පිහියිද..................?

හු** නම් අවුලක් නෑ කියමුකෝ ඒත් පු* පිස්සොත් පරම් පරාවම ඉවරයිනේ..........

හහ්... ගෑනුන්ගෙ පු* පිහින්න මං අහවල් එකටයෑ ආමි යන්නේ මම යනව අකුලන් ගෙදර......

කියල අපේ බුවා නම්බුව බේරන් ගෙදර ගියාලු.............

මේකත් මේ අපේ සෙට් එකේ බුවෙක් කියපු ආතල් කතාන්දරයක් තමයි. වෙන කවුද ඉතින් අපේ V.S.ම තමයි.
ඔන්න එහෙනම් අපි ගියා....

Saturday, August 11, 2012

උත්තරයක්

අලෝ මචංලා ඉතින් කොහොමද? මතක විදියට මාස 2කට විතර පස්සේ නේද, මොනා කියල කරන්නද ඉතින් අපිටත් තියෙන්නේ ජීවිතයක්නේ.   හරියට නික්න් සරැංගලයක් වගේ එහාට පා වෙනවා මෙහාට පා වෙනවා. අපිවත් දන්නේ නෑ මොනා වෙන්න යනවද කියල. මොනදේ උනත් ලණුව අල්ලන් ඉන්න බුවා ලනුව අතෑරල දැම්මොත් නම් ඉතින් බඩුම තමා.

හරි හරි හරි මගුලක් කියවනවා නේද මූ අද කාලෙකට පස්සේ ඇවිල්ලා සරැංගල් ගැනයි නූල් ගැනයි. ඔලුවත් එක්ක විකාර වෙලා තියෙන්නේ මේ ටිකේ ගනන් ගන්න එපා බොලව් හරිද.......?

මුලිම්ම අපේ ගිහාන් මලය ගේමක් ඉල්ලලා තිබ්බා නේද අර මල් වගාවක කේස් එකක් ඇදගේන. දන්නේ නැත්තම් මෙතනින් යන්න බලන්න. ඉත්න් සෑහෙන කාලයක් ගිය හින්ද මම හිතුව උත්තරේ දෙන්න මොකද කියන්නේ අවුලක් නෑනේ.

ඉස්සර වෙලා පින්තූරේ බලන්නකෝ.




නිකම් පිස්සුවක් ව‍ගේද වෙන්න ඇති නිකම් පාට ගොඩක් දැක්කම පිස්සුවක් වගේ නැත්තම් වෙන මොනාද නේ.........................?

හරි දැන් මේකේ මේ පාටවල් 6ක් තියෙනවා නේද... නේද නෙවෙයි තියෙනවා තමයි..(නිල්, කොළ, රතු, දම්, තැඹිලි, කලූ)

අන්න ඒවාගෙන් නිල්, කොළ, රතු,  තැඹිලි, දම් පාටවල් තියෙන මල් පාත්ති 5 හරි ගස්ස ගන්නකෝ මුලිම්ම.......

හරිද, හරිනම් ඊළගට කරන්න තියෙන්නේ මල් පැළ 10 හිටවන එක....
ඒකත් කරලම දාමු නේද එහෙනම්  ඔන්න ඔය මල් පැළ ටික ඇරගෙන ඇවිල්ලා. ඔය පාත්තිවල කලුපාටින් වලවල් කපල තියෙන්නේ කියල හිතාගෙන ඒ වලවල් වල හිට වන්නකෝ එහෙනම්.

හරි නේද එත‍‍කොට පාට 5න් මල් පාත්ති 5යි. එක පාත්තියක පැළ 4යි. ඔක්කම පැළ 10යි.

හරිනම් කියන්න වැරදි නම් ඒත් කියන්න....................................

ඔන්න අදට අපි මාරැ. හෙටත් ජීවත් වෙලා හිටිහොත් අපි අයෙත් මේ පැත්තේ එනවෝ.......................



Friday, May 18, 2012

රණ විරුවන් හැමදා එක සේ

වසර තුනකට පෙර අද වාගේ දින
මතකෙට නැගේ අද ඉයේ වාගේ මට
රට තුල මහ සැණකෙලි තිබුන යුර
ටික ටික මැවේ ඒ දිනයේ සිද්ධි ගැන


රට ‍රැකි කොල්ලන් එදා රණ විරුවන් ලෙස
පමණක් නොවේ මුර දෙවියන් ලෙස රටට
හදුනා දෙමින් තම මදි තර කරගත්ත
උතුමන් වෙසේ අදටත් ඒ අතරින්න


එදවස සිටිය විරුවන් අතරින්න
මහ විරුවාගේ නම මකමින්න
කට්යුතු සිද්ධ වුන යුරු මතකින්න
ලියවන්නේ අදහසකි සිත තුල තිබුන


එදවස උන්නු විරුවන් ගැන මතක් වෙන්න
දිනයක් ඕනේ අපේ රට ඇත්තන් හට ඔන්න
එනමුදු දු‍ටු දෙයක් අද දින යන විට මගක
සිත පෑරුනා විරුවන් ගැන සිතමින්න


ඒ දු‍ටු දෙය නිසයි මා මේ ලියන්නේ
විරුවෙක් උන්නා මහ මග නිල ඇදුමින්නේ
පොතකුත් තියාගෙන මහ මග ඉදිමින්නේ
මිනිසුන්ගෙන් එය මිලදි ගන්නා ලෙස අයදින්නේ 


මෙය නොවටිනා දෙයක් බව සිතුනා
ඔවුනගේ අභිමානය වැටෙනා බව හැගුනා
අප මෙය ගැන සිතිය යුතැයි සිතුනා
ඒ ගැන විමසන්න මේ බව ලියවුවා


රණ විරුවන් හැමදා එක සේ දැකලා
අපි ගරු කල යුතුයි හැම දින සිතලා
ඔවුනගේ අභිමානය එලෙසම තියලා
හැමදා සිහිකරමු දිනකට සීමා නොවිලා


Saturday, May 12, 2012

අපෙ උන්ගෙ වැඩ

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අදත් මෙ පැත්තට රිංගුවා කියමු කතාවක් කියන්ඩයි කියාලා

හරි හරි වැඩි කතන්දර අවශ්‍ය නෑනෙ මෙන්න මෙහෙමයි ඔය සිද්දිය වෙනවා කියන්නෙ

ඔන්න දැන් 3 දෙනෙක්… ජපන් ඇමරිකන් ලන්කන් 3 ක් කියල ගමුනෙ ඔන්න ඉතින් 3 කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තර නෑ. ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…)

 any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා දන්නවනෙ උට ඉතින් 78යිලු. පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ

ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති ඒහෙමයි කියන්නෙ)

දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ඇමරිකන් බුවා අතුරුදන් !

දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් ගල් අරැනොද්ගෙ apple කියල හිත ගනිල්ලා)
දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?
දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!

ඔන්න ඉතින් අපෙ උන්ගෙ වැඩ........

අපිට මෙව මෙහෙම ලියන්න අපෙ කස්ටිය මාර සප් ඒකක් දෙනවා උන්වත් මතක් කරන්නම ඔනෙ (R.P. & D.K. & etc)

Sunday, April 22, 2012

මොකද්ද මේ ජීවිතේ......? (තවත් ගැටලුවක්)

හායි ඉතින් කෝහොමද අ‍පේ "සටහන" එක්කම ඉන්න  කොල්ලෝ කෙල්ලෝ ටික.....!
සෑහෙනම කාලෙකට පස්සේ නේද? හොදයි ඉතින් මොනවා කරන්නද නේ......
කාලෙකට හෙනම බිසී තවත් කාලෙකට වැලේ වැල් නැති වෙන්න ෆ්‍රී
මොනවා කරන්නද ඔන්න ඔහොමයි මිනිස් ජීවිත නේ.........

දැන් උඹල හිතයි මූ මේ කාලේකට පස්සේ ඇවිල්ලා බණ කියන්න හදනවා කියල
අනේ.................. නෑ
මොකද මම ‍නොදන්න දේවල් කරල දුක් විදින්න කැමති නෑනේ
උඹල ඒක දන්නවනේ

මේ උඹලට කවද හරි අපේ ජීවිත මොනවගේද කියල හිතිල තියෙනවද......?


මට නම් හිතෙන්නේ හරියට මුහුදේ යන නැවක් වගේ කියල


ගමන පටන් ගන්නේ අහවල් තැනින් නවතිනවා කියල හිතාගෙන


කාලෙකට ඔහේ යන්නම් වාලේ යනවා


හිටපු ගමන් අලී කුනාටු වලට අහු වෙනවා
එහෙම උනොත් පාවෙලා ගිහිල්ලා නොහිතන තැන් වලින් ගොඩ බහින්න වෙනවා.


එහෙමත් නැත්තම් රැවල් කැඩෙයි, එන්ජින් අවුල් වෙයි, සේවකයො දාල යයි.


මගීන් නගිනවා බහිනවා,



මොනදේ උනත් නැව නැවමයි කියල කප්පිත්තත් හිත හදාගන්නවා.


ඉතින් උඹලගේ නැව් වලට මොනවද දැන් වෙලා තියෙන්නේ,
මම නම් දන්නේ මගේ නැව තාමත් ඔහේ පාවෙනවා කියන එකයි. ඒක කොහේ යයිද කොහේ යන්න වෙයිද, කොහෙන් නවතින්න වෙයිද ?   කවුරැ ඒ ගැන දන්නවද කියල කවුරැත්ම දන් නැතිව ඇති. මොකද ඒක යන්නේ එක පැත්තකට හැරැනට යන්නේ පුත්තකට වගෙයි තේරෙන්නේ.






ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං ජීවිතං 

Monday, April 9, 2012

සෙනෙහසින් කල දාසකම්....


මුළු හදින් ඔබට පෙම් කළ
සෙනෙහසේ දාසයා මම විය
රිදවන්න නුබ සිහනයෙන්වත්
නොසිතුවා මම සත්‍යක්මැයි

නුඹේ සැම දුක් මගේමැයි අද
සක්විතිව නුඹ කිරුළු ලන්නට
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය

නුඹේ නෙතු මත කදුලු බිදුවක්
මතුව එන්නට එපා කිසි දින
කදුළු මටදී හිනහෙන්න නුඹ
සෙනෙහසින් නුඹම සැනසු
සෙනෙහසේ දාසයා මම විය


සියුමැලිය ඔබ රොස පෙති මෙන්
මුදු මොලොක් විය පුළුන් රොද මෙන්
අහිංසකාවිය සිගිතියැක්මැයි
මුළු හදින් නුඹට පෙම් කල
සෙනෙහසේ දාසයා මම විය


එබී දෑසට සෑම දිනාකම
දකින්නට අවැසිය ලස්සනම ලොව
දකින්නට ඒ ,නුඹ උවැසි ලොව
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


කනට කොදුරා නුඹ කිවූ දින
වයන් සත්සර මා කනට කර
නුඹ නමින් සත්සර වැයු
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය

ඉතින් නොමැතිද විදින්නට මා හට
සුවද විහිදෙන ඒ මියුරු ලොව
නොකියනා ලෙස නුඹට කිසි දින
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


මිහිරි රස පිරි රස මසවුලු
නුඹට කවමින් නුඹව සැනසූ
නුඹට පෙම් කල
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


සතපවා නුඹ සිනිදු සයනේ
සැනසුවා ඒ මිහිරි පහසින්
නුඹ කිවූ ලෙස නුඹ නමින්
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


දුක් නොවන ලෙස නුඹේ ලෝකය
නුඹේ සිනහව දකින්නට මම
මෙතෙකයිද කල දාසකම්
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


ඔබට පෙම් කල මා ලැබූ දෙය
සතර අගතිය පෙනේ හැම දෙස
අහෝ මා ප්‍රෙමයෙන් කල දාසකම්
මගේ සිතයැයි කියු නුඹ
මා තුලම ඉද මටම කල සතුරුකම්......

Saturday, April 7, 2012

මොකද්ද මේ අවුරුද්ද ?

අපේ කට්ටියගේ අවුරුදු කෙලියට දවස් ලං වීගෙන එද්දි මට මෙන්න මෙහෙම සටහනක් තියන්න හිතුනා.ඒ ඔන්න ඔය ජයට සමරන්න යන අවුරුදු සැණකෙළිය ගැන.
මේක ලියන්නේ කාටවත් තරහාටවත් කාගෙවත් සතුට නැති කරන්නවත් නෙවේ.
මේක කියන්න හිතුවේ සිංහල අපේ කට්ටියට මේ සැණකෙළිය ගැන ඇත්ත දැනගන්න ඕන නිසාමයි.
ඉතින් වැඩි කතා නැතිව කියන්න ආපු කාරණය කියන්නම්කෝ.
ඇත්තටම මේ සිංහල දෙමල අලුත් අවුරුද්ද කියන එක කොහොමද මෙහෙට ඒ කියන්නේ අපේ රටට ආවේ ? කොහෙන්ද ආවේ ?
ඇත්තටම මේ ගැන කියෙන් කී දෙනාද දන්නේ.
මේ මහා සැණකෙළිය සිංහල අපිට කොහෙත්ම සම්බන්ධයක් නෑ. මොකද ඇත්තටම මේක හින්දු අයගේ උත්සවයක්.ඒ අය කරපු මේ නැකත් කෙලිය අපේ ලංකා භූමියට ආවේ දකුණු ඉන්දියවේන්.ඒ ආවේ හැමොම අහලා ඇතිනේ ලක් ඉතිහාසයේ මහා විනාශකාරී යුගයක් ගැන .ඒ තමා පොළොන්නරු රාජධානී යුගයේ කාලිංග මාඝ කියලා කෙනෙක් ගැන.අන්න එයා තමා ලංකාවට මේ නැකත් කෙලිය අරන් ආවේ.එයා ඇවිත් සදකඬපහනින් ගව රූපය අයින් කලා.වෙහෙර විහාර විනාශ කළා.ඉන් පස්සේ ලංකාවේ හැමෝටම මේ නැකත් කෙලිය හුරුකලා.ඉතින් ඒ තෑග්ග තමා තාමත් අපි හිසේ තියගෙන දගලන්නේ.පෙනවානේ මේ දවස් වල කට්ටිය නගර වල සාප්පු ගානේ පොර කන අපූරුව.
මමනම් පෞද්ගලිකව මේ කාලේ එනකොට හරි බයයි.මොකෝ මිනිස්සු මත්පැන් වලින් නාගෙන ගහා මරා ගන්න පටන් ගන්නවනේ.අනික කොහෙවත් යන්න බෑ සෙනග පිරිලා.හැබැයි මම කැමති දෙයක් තියෙනවා.ඒ තමා හැමොටම සතියක හරි නිවාඩුවක් හම්බවෙනවනේ.



ඉතින් අවුරුද්ද ආපු හැටිත්,අපිට වැදගත් නැති එකත් ගැන කිවා වගේම කියන්න එපැයි අපිට වැදගත් අවුරුද්ද නැත්තම් සමරන්ට වටින දේ ගැනත්.



ඒකත් හේතු ඇතිවම කියන්නම්.සිංහල බෞද්ධ අපිට එන අවුරුද්ද තමා වෙසක් පෝය දවස.ඒක බෞද්ධ අපිටනම් සිදුහත් කුමරුන් උපත ලැබීම, ගෞතම බුදු සමිදුන් බුදු බව ලබාගැනීම සහ ගෞතම බුදු සමිදු පිරිනිවන් පෑම කියන උතුම් තෙමගුල නිසා වැදගත්.






එතකොට සිංහලයන්ට කොහොමද ඒ දවස වැදගත් වෙන්නේ.
අපි දන්නවානේ ලක්දිවට ආපු විජය රජු ගැන.ඒ විජය රජතුමාගේ ලංකාගමනය සිද්ධ වුනේ වෙසක් පෝය දවසෙමයි.ඒ කියන්නෙ අපේ සිංහල ජාතියේ ආරම්භය වෙන්නෙ වෙසක් පෝය දවසෙයි.ඉතින් මේ විදිහට බලපුවාම අපේ උත්සව දවස වන්නේ වෙසක් පොහොය දිනයි.ඒ දවස අපිට මත්පැනින් තොරව සිල්වත්ව සතුටින් සමරන්න පුලුවන් නේද?
ඔන්න ඔය කාරණය සටහන් කරන්න තමා මම ආවේ.මම හිතනවා  මේ ගැන කාගෙවත් හිත් අමනාපයක් ඇති නොවෙවා කියලා.හැබැයි කෙනෙක් හරි ඇත්ත දැනගත්තනම් ඒක හොදටම ඇති.නමුත් අවුරුදු දවසෙත් අපි සතු‍ටු වෙමු.ගිනිකෙලි,මත්පැන් ලංකර ගන්නේ නැතිව.එහෙනම් හැමොටම සුබ පතලා මම යනවා.මේක කියවලා යන ගමන් Comment එකකුත් දාලා යන්න.

Sunday, March 25, 2012

මගේ යාලුවනේ......!!!!!!!

මගේ යාලුවනේ......!!!!!!!


හේතුවක් නැතුවත් හිනා වෙන්න කියලා දුන්නා......

දුකේදි උනත් තමන් තනිවෙලා නෑ කියලා පෙන්නලා දුන්නා.......

සල්ලි නැතත් කැන්ටින් එකෙන් කන විදිය කියලා දුන්නා...........

එක බත් පාර්සලේ දහ දෙනක් උනත් බෙදාගෙන කන්න පුලුවන් කියලා දුන්නා........

පාඩම් කරන්නේ නැතුව විභාග පාස් වෙන විදිය කියලා දුන්නා......

කොපි කරලා අහු උනාම බේරෙන විදිය කියලා දුන්නා.........

ඒත් එක දෙයක් කියලා දෙන්න එයාලට අමතක උනා........

එයාල නැතුව තනියම ජීවත් වෙන විදිය එයාලට කියලා දෙන්න අමතක උනා........ 

Thursday, March 22, 2012

පුලුවන්නම් කියමු බලන්න

ඔන්න මල් පැල 10ක් තියෙනවා.ඒ මල් පැල ටික පාත්ති 5ක හිටවන්න ඕනි.හැබැයි හැම පාත්තියකම මල් පැල 4ක් තියෙන්නත් ඕනි.කියමු බලන්න කොහොමද හිටවන්නේ කියලා.

Wednesday, March 7, 2012

පීකිං


ඉතින් යහලුවනේ කොහොමද?
ඔන්න එහෙන් මෙහෙන් අහුලගත්ත කතාවකුත් අරගෙන අවා.
ලංකාවේ ඉන්න කට්ටිය පිටරටවල් වලට එහෙම යනවනේ.එහෙම ගිහින් ආපහු ලංකාවට ආවම ඒගොල්ලන් ඉතින් කතා කලොත් ඒ රටවල් අගේ කරලා අපේ රට පහලට දාලනේ කතාව.මේකත් අන්න එහෙම කතාවක් හොදේ.
ඔන්න මිනිහෙක් චීනයේ පීකිං නුවර ‍රැකියාවකට ගිහින් ආපහු ලංකාවට ඇවිත් තියෙනවා.ඉතින් මිනිහා මොන දේ කතා කලත් ඒ හැම එකකම හොදම එවා තියෙන්නේ පීකිං වල කියලමයි කියන්නේ.පාරක ගියත් "මේවා පාරවල්ද පීකිං වලනෙ පාරවල් තියෙන්නෙ" කියනවා.
වාහනයක් දැක්කත් එහෙමමයි.
ඔන්න මිනිහා පෝය දවසක රෑ ගෙදරට වෙලා ඉන්නවාලු. මිනිහාගේ තාත්තත් ගේ හිටියලු.ඔය දෙන්නා ඉන්න තැනට අහසේ හද පායලා අපූරුවට පේනවලු.
තාත්තා කිවලූ "අදනම් හද හරි ලස්සනයි නේද පුතේ" කියලා.
මිනිහා කියනවලූ"තාත්තේ මෙහෙටද හද පායන්නේ.පීකිං වලටනේ මරුවට හද පායන්නෙ " කියලා.
තත්තාට මුගේ පීකිං කතා අහල එපා වෙලලු හිටියේ.
මුගේ තාත්තට දැන් මල පැනලා "අනේ තොගේ මහලොකු පීකිං..." කියලා දුන්නලු හොද කනේ පාරක්.
ඉතින් මූ පීකිං පිස්සෙක්නේ.
මූ කියනව ලු"අනේ තාත්තේ ඔවත් කනේ පාරවල්ද? පීකිං වලනේ නියම කනේ පාරවල් තියෙන්නෙ" කියලා...
අනේ අනේ

"ගුවන් විදුලිය ඇසුරින්"

Tuesday, February 28, 2012

පොඩියට මොකුත් ලියමුද

අපේ කස්ටිය මේ පැත්තට ඇවිල්ලා මේකේ තියෙන දේවල් බලලා කමෙන්ට් නොකර ගියාට අපේ කිසිම තරහක් නම් නෑ මොකද අපේ තියෙන ගනං මිනුං අනුව දවසින් දවස සටහන පැත්තට එන කස්ටිය වැඩිවෙනවා කියල අපි දන්නවා.
ඒත් අපි කැමති මේ අපි ලියන්නේ මොනවද ඒවාගේ හොද නරක කොහොමද කියල දැන ගන්න ඒ හින්ද උඹලට පුලුවන්නම්, වෙලාවක් තියෙනවා නම් මොනා හරි ලියල පලයල්ලා. උඹලා මේකේ “චා“ කියල ලියල ගියත් ඒකත් අපිට හයියක්.

Friday, February 17, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 3


ඉතින් යලුවනේ කොහොමද? ඔන්න අයෙත් කාලෙකින් "සටහන" පැත්තේ අවා පිස්සන් කො‍ටුවේ තව කතාවක් අරගෙන.

මුල් කතා කියපු නැති අය මෙතනින් ගිහින් එවත් කියවලා එන්න පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1,
පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 2
ඔන්න දවසක් පිස්සන් කො‍ටුවෙන් බුවාලා දෙන්නෙක් කොහොමින් කොහොමින් හරි පැනගත්තලු... මුන් දෙන්නා පැනලා තියෙන්නේ මහ රෑ මැදලු..ඔහොම පැනලා මුන් දෙන්නා ටික දුරක් යනකොට මෝටර් සයිකල් එකක් නවත්තලා තිබුනා ලු.. මුන් කොහොම හරි මේකත් ස්ටාට් කරගෙන යනවලු..මුන් පිස්සන් කො‍ටුවේ හිටියට ඔය වාහන එහෙම පදින්නත් දන්නවලු... කොහොම කොහොම හරි මේකත් පැදගෙන ටික දුරක් යනකොට ඈතින් එලි දෙකක් පෙන්න ගත්තලු... පිටිපස්සේ හිටපු පොර බයිසිකලය පදින එකාට කිවාලු..."මචන් ඔන්න බයිසිකල් දෙකක් එනවා.වැඩ පෙන්නනත් එක්ක යමන් ඔය දෙක මැදින් දාලා." පදින එකත් "ඔවත් වැඩඩ ඔන්න බලපන්" කියලා අර එලි දෙක මැදින් බයිසිකල් එක දැම්මලු.දාපූ ගමන් දඩාස් ... සද්දයක් එක්ක මුන් දෙන්නා පැත්තකට විසි උනාලු..මුන් දෙන්නගේ වෙලාවට වැඩි තුවාල නැතිලු.හැබැයි පහුවෙනිදා උදේ බලනකොටලු දන්නේ අර එලි දෙක පත ලොරියක HEAD LIGHT කියලා.. ඔන්න ඔහොමයි සිද්ධ උනා කියන්නේ....

Monday, February 13, 2012

මනමාලි

මෙන්න ඉතින් අදත් ආවා කියවලා යන්න.

හරි හරි වැඩි කතා එපා නේ කියවලා යන්න තිබ්බොත් ඇතිනේ ඒ හින්ද පටා.....න් ගන්නයි යන්නේ.

මෙන්න මෙහෙම සිද්දියක් වෙලා තියෙනවාලු 198_/199_ කාලේ.

ඔන්න ඒ කාලේ අපේ කස්ටියක් ගිහින් තියෙනවා කොල්ලෙක්ට (ඒ කාලේ ඉතින් කොල්ලොනේ දැන් ටිකක් වයසක උදවිය උනාට) මනමාලියක් බලන්න. කවුද දන්නවද ගිහින් තියෙන්නේ, මේ කොල්ලගේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි, මලයයි තමයි ගිහින් තියෙන්නේ.මේ මනුස්සයගේ අයියයි අක්කයි දෙන්න මේ වෙන කොටත් පවුල් පන්සල් වෙලයි ඉදල තියෙන්නේ.

දැන් ඉතින් මේකගේ බරෙනුත් නිදහස් වෙන්න කියල හිතාගෙන මේ කස්ටියම ගිහිල්ලා හොදට හරි බැරි ගැහිල වාඩිවෙලා හෙම ටිකක් වෙලා ඉද්දි වෙන්ට නෑයෝ ටික කතා කරයි කියමුකෝ තේ උගුරක් බොන්ටයි කියාලා, අනේ ඉතින් මේ අපේ කස්ටියත් ගිහින් තේ කිව්වට උදේට නෙවෙයි දවස් 2,3කින් කාල හිටපු නැති නිසා ( දැනටත් එහෙමනේ අපිත් මගුලක්/පාටියක් වගේ දෙයක් ලගයි නම් දවස් 2,3 ඉදන් බඩ හිස් කරන්න පටන් ගන්නවනේ නේද?) හොදට ඇඹරැවයි කියලයි කියන්නේ.

අනේ ඉතින් ඊටත් පස්සේ කස්ටියම ඇවිල්ල වාඩි උනයි කියමුකෝ ඔය කියන මනමාලි බලන්න. හරිම තමයි දැන් ඉතින් මනමාලිත් පද්ද පද්ද කැට් වොක් එකද මොකද්ද කියන එක දාගෙන බුලත් හෙප්පුවත් දෑතින් දරන් එනවයි කියපි ඉස්සඑහට. මේන්න ඉතින් අපේ ලොක්කත් අතයි කටයි දෙකත් උල් කරගෙන ඉන්න්‍වයි කියමුකෝ මේකි ඇවිත් බුලත් හෙප්පුව දීල “අයියේ මාව එක්කන් පලකෝ“ කියනකම්.



බඩුම තමයි කෙලපි තාප්පෙට කිව්වලු මෙන්න මේකි ඇවිත් දුන්න නේද බුලත් හෙප්පුව එතන හිටපු එල කිරි වගෙ  හැන්සම් කොල්ලට කාටද? (ඇයි ඉතින් මේකි දන්නවැයි මනමාලයා කවුද කියල) අර මනමාලයාගේ අයියට. ඇයි යකෝ මේකි දැක්කෙ නැද්ද අයියගේ මගුල් මුද්ද,

හරි දැන් ඉතින් මනමාලිත් එල කිරි වගේ ලස්සන කෑල්ලක් හින්ද මගුලත් තීන්දුයි කියමුකෝ.

වැරදි හැදිල්ල කෙසේ වෙතත් අපේ කස්ටිය අනේ දෙයියනේ කියල හැරපි අනිත් පැත්තට. ගෙදර එන ගමන් මලය කියනවයි කියපි “අනේ අයියා අයේ උඹ නම් එන්න එපා මට මගුල් කතා කරන්න, තෝ නෑනා පොඩ්ඩත් තියන් ගෙදෙට්ට වෙලා හිටපිය“. අයියෝ සැලරි මගුල් කිව්වලු.

මේ කතාවත් කිව්වේ මගෙම පියරජතුමා තමයි. වෙලාවට මටනම් අයියල නෑ.

තව පොඩ්ඩෙන් දෙයියනේ කියල මටත් අම්මල දෙන්නයි. බඩුම තමයි නේ.........................

Sunday, February 5, 2012

කිරිකට් කෙරැවාව.

“ඔන්න ඉතින් අදත් ආවා වල්පල් ටිකක් දොඩවලා යන්න“ කස්ටිය එහෙමත් හිතනවා ඇති නේද? අනේ නෑ, ඉතින් පොඩි ෆන් දාල යන්න තමයි ඉතින් අපි මේ පැත්තට එන්නේ.

අදත් පොඩි දෙයක් කියන්න ඔනේ කියල හිතුන මොකද්ද දන්නවද නෑනේ එහෙනම් කියන්නම්.

උඹලගේ ගම් වල ඉන්නව නේද කොල්ලො සෙට්. ඉතින් උඹලත් ඒ වගේ සෙට් එකක බුවෙක් වෙන්න ඇතිනේ? ඉතින් උඹලගේ සෙට් එකට ගමේ ඉන්න චමින්දල ටික මොකද්ද කියන්නේ, අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ එලකිරි, ඕනි කෙහෙල් මලකට එකට ඉන්න සෙට් එකක්  උන්ට නම් කියන්නේ “වැහි දෙයියල ටික“ කියල, දන්නවද මොකද කියල. උත්තරේ “නෑ“



ඉතින් ඔය ගම් ඉන්න මේ සෙට් වලට එක එක කාල වලට එක එක අමුතු අමුතු ආතල් යනවනේ ඉතින් අපේ උන් ටිකටත් එහෙමයි. කාලෙකට පස්සේ මැච් එකක් ගහන්න ඕනි කියල හිතුනලු ඉතින් හැමෝටම එක පාරටම චූන්. ඉතින් අපිට කිරිකට් ගහනවා කියල Ground කොහෙන්ද වෙල් ඉප නැල්ලේ දුවල පැනල නටපු කොල්ලෝ ටිකක්නේ ඉතින් මැච් ගහන්න විතරක් මොකටද Ground කියල අපේ අයියල ටිකත් කැති පොරෝ උදලු ටිකත් අරගෙන බැස්සයි කියන්නේ වෙල්යායට මොකටද? Ground එකක් හදන්න. මොකද මේ දවස් වල කුඹුරැවල ගොයම් තියෙන එකක්ද? හිස් වෙල් යාය අපරාදේ නාස්ති වෙනවනේ කියල.

ඉතින් මේ Ground එකක් හදන්න යන වැඩේට කොච්චර වැඩිමල් කස්විය හිටියත් කෙරැම නායකයා කියල හිතන් ඉන්නේ උක්කුන් කියල පොරක් මගෙම වයසේ බුවෙක් තමයි. (මේකා වැඩක් කරොත් ඉතින් @ හැලියයි හත් පොලෙම ගාගෙන තම ඉවර කරන්නේ) අපිටත් මොකද මු ඉතින් බක පන්ඩිතයනේ.

ඔන්න ඉතින් 3 වෙනිද කියන දවසේ වරැවක් විතර නාස්ති කොරල ඔය කියන Ground එක කපල ඉවර කොරා කියමුකෝ අල්ලපු වත්තේ තියෙන තැඹිලි ගහට පින් සිද්ද වෙන්න. මොකද වැඩේ බාගෙට කරත් ඉතින් ආයි කරන් නරත්තම් වැඩේ ඉවරයි කියලනේ කියන්නේ. මේන් වැඩක් වැඩේ ඉවර උනා විතරයි ICC එකෙන් අර අපේ උක්කුන් බුවට කොල් කර කර මල වදේ අපි හදපු Ground ඉල්ලලා ඊලග ICC මැච් වලට, කොහෙන් ආරන්චි උනාද දන් නෑ. අපේ කුඹුරැ Ground එක ඒ තරම් සුපිරි තමයි.

ඊටත් පස්සේ ඒ කියන්නේ Ground හදල ඉවර උනාට පස්සේ පුරැදු වෙන්නත් එක්ක අපේ බුවාරිස්ල ටිකත් සෙට් වෙලා මැච් එකක් ගැහුවා කියමුකො. මෙහෙම්ම පහුවදාත් ඒ කියන්නේ අපේ නිදහස් දවසෙත් සෙට් වෙලා මැච් තමයි.

දැං ඉතින් බඩු හරි මෙන්න මෙහෙම පහුවදත් මුච් ගන්න සෙට් තමයි අනේ දෙයියනේ කාට මොනවා කිරන්නද කියල තේරෙන් නෑ මොකද එදා ඉදල දිගටම වැස්ස.

අපි ආයි ඉතින් දන්නවනේ Ground එකක් හැදුවොත් දන්නවනේ දිගටම වැස්ස තමයි. අපි Ground හදන්න පටන් ගත්තොත් ගමේ ඉන්න කැඹුරැ කාරයින්ට ෆුල් ආතල් උන් කරන්නනේ ගෙදර දුවගෙන ගිහින් පහුවදා ඉදල කුඹුරැ කොටන්න ලෑස්ති වෙන එක තමයි.

ඔන්න ඔහොම්ම අපේ මැච් කෙරැවාවත් දවසකට දෙකකට වැඩිය තියෙන්නේ නෑ තමයි.

මොකද මේක මේ අද ඊයෙක ඉදල වෙන දෙයක් නෙවෙයි දැන් අවුරැදු ගානද ඉදල වෙන දෙයක්. ඒකයි එහෙම “වැහි දෙයියල ටික“ කියාගන්න හේතුව.


අපි හැමොම එකයි බං

අපි මෙ බ්ලොග් හදන් තියෙන්නෙ ජොලියට අපිට කරන්න වැඩත් තියනවා ඒත් වැඩිපුර කැමති මේකට අපි මේකට ආපු කාලේ හරි ජොලි ඒත් මෙ මෑතක් වෙනකොට අලුතින් අය ඇවිල්ලා පොරවල් වෙන්න හදනවා හැප්පෙන්න කතාකරනවා.....අනේ මන්දා අසහනකාරයොද කොහේද? අපි කවදාවත් නිකා චා වෙන වැඩ කොරලා නැ ඒත් සමහරු නිකං චා වෙනවා දුකයි හොදේ අපි මෙ වලින් ලොකු කාලයක් ඉන්නෙ නෑ ටික කාලයකට පොඩි සන්තෝසයක් ලබන්න විතරයි....මෙ දැනුම් දිම ඔය අලුතින් ඇවිල්ලා ඉන්න අයට නිකං චා වෙන්න එපා ටිංකිරි ගාගෙන නිකා කෑගහන්න එපා....ඔය ආගම් ජාතිය අල්ලගෙන කෑගහන අයට කියන්නෙ මමත් සිංහල බෞද්ධ ඒත් එහෙම කියලා නිකා පොරවල් වෙන්න හැදුවෙ නැ....කවුරුත් සහයෝගයෙන් ඉන්න ඕන අපි කාගෙත් සෙල්ලම් මැරෙනකං විතරයි මලාට පස්සෙ මුකුත් නැ......මම හොදින් කියන්නෙ හොදින් ඉදපල්ලා කාට කාටත් පස්සෙ දුක් වෙන්න වෙයි කියපු කරපු දේවල් ගැන......ඒ මචන්ලා නිකා චා වෙන්න එපා හොදේ  මොනදේ කරත් කමක් නැ ඒත් පජාත වැඩ කරන්න එපා......ඇත්තම කිව්වොත් මටනම් කළකිරිලා ඉන්නෙ....දුකයි උඹලා ගැන......තව දෙයක් මට උඹලා කා එක්කවත් තරහක් නැ එදා එකට හිටපු දුමියම තමයි දැනුත් ඉන්නෙ..... අපි ගැන වැරදියට හිතන්න එපා.........
 
මේක දුමියට හිත රිදීමක් වෙලා එලියට දාපු දෙයක් ඒත් ඒක සහතික ඇත්තක්...................  ඒකයි මමත් මේක එහෙම්ම ලියන්න හිතුවේ. 
දුමියෝ අපිටත් තියෙන ඒකම ප්‍රශ්නේ ඒකම තමයි බං ඒත් අපි මොනා කරන්නද මුන්ගේ මොළවල විස බීජ කොහොම අයින් කරන්නද? අපි හැමොම එකම රටක ඉන්න එකම ශ්‍රි ලාංකීය ජාතියක් කියල කොහොම තේරැම් කරන්නද?

බලන්න විතරයි හොදේ

පොඩි එකක්

Thursday, February 2, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 2


කට්ටියටම ආයුබෝවේවා!.
මුල් කතාව කියපු නැති අය මෙතනින් ගිහින් එකත් කියවලා එන්න පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1
ඔන්න කාලෙකින් පිස්සන් කො‍ටුවේ කතාවකුත් අරන් "සටහන" පැත්තේ ආවා.
ඔන්න පිස්සන් කො‍ටුවෙන් පැනලා යන්ට හිටපු මෑන් හෙන අප්සට් ගහලා හිටියානේ....
ඔහොම හිටියට මිනිහට එපා වෙලානේ හිටියේ.ඔය අතරෙ දවසක් පිස්සන් කො‍ටුවේ හෙන කලබලයක්.මොකෑ මේ කියලා බැලින්නම් පිස්සන් කො‍ටුවේ පොල් ගහක් උඩ එක පිස්සෙක් නැගලා.
කිරි අප්පට බල්ලෝ පැනපි මේ අර පැනලා යන්ට හිටපු මෑන්නේ. මිනිහා ගහ උඩ නැගලා හෙන වලියක් බහින්ට බැහැ කියලා.
 ඔය අතරේ පිස්සන් කො‍ටුවේ දොස්තර මහත්තයත් ඇවිත් පින් සෙන්ඩු වෙනවා අරූට බහින්ට කියලා.මේකා නෙවෙයි බහින්නේ.
පිස්සන් කො‍ටුවේ ආරක්ෂක මහත්වරුත් බැලුවා අරූව බිමට ගන්න.මූ නෙවේ බැස්සේ.
පස්සේ ගස් කපන මිනිහෙකුත් ගෙනත් ගහ කපන්ට හැදුවත් මූ බැස්සෙ නැනේ......
පස්සේ පොලිසියෙන්නුත් ගෙනවා.ඒත් වැඩේ හරි ගියේ නෑ.
පස්සෙ හමුදාවෙන් ගෙනත් මූට වෙඩි තියන්ට හැදුවත් මේකාද නෙවේ බැස්සේ.
ඔය අතරෙ වෙන පිස්සෙක් ඇවිත් දොස්තර මහත්තයගෙන් ඇහුවා
"ඇයි මහත්තයෝ මොකද අවුල " කියලා.
දොස්තර මහත්තයා කියනවා
"මූ මේ ගහේ නැගලා පිස්සු කෙලිනවානේ" කියලා.
ආපු පිස්සා කියනවා
"ඉන්නකෝ මම ඕකාව බස්සන්න"
මෙහෙම කියලා දෙවෙනි පිස්සා උගේ කාමරෙට ගිහින් ඇවිත් පොල් ගහ ලග ඉදගෙන මොකදෝ කරනවා.
බැලින්නම් මූ පොඩි බ්ලේඩ් තලයක් ඇරගෙන ගහ කපන්න පටන් අරගෙන.
මේන් යකො ගහ උඩ හිටපු එකා තප්පර ගාණට බිමට බැස්සා.
 ඉතින් දොස්තර මහත්තයා ගහෙන් බැස්ස පිස්සගෙන් අහනවා
"මොකො යකෝ මෙච්චර වෙඩි තියන්ට ලැස්ති වෙද්දිත් බැස්ස නැති උඹ මු මේ බ්ලේඩ් තලයෙන් ගහ කපන්න යනකොට බැස්සේ " කියලා.
ගහෙන් බැස්ස පිස්සා මෙහෙම කිව්වේ නෑතෑ....
"මහත්තයො, විශ්වාස කරන්ට බෑනේ.මූ පිස්සෙක්නේ......"

එහෙනම් ඕන්න මම ගියා.ඔක්කෝටම ජයවේවා!...................

Tuesday, January 31, 2012

චන්ඩි සෙට් එක

හොදයි කොහොමද ඉතින් කස්ටිය? සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උන එකේ අද ඇවිල්ලා මොකක් හරි කුණු හරැපයක් ලියල යන්න ඕනි කියල හිතුනා.
මොනා ලියන්නද කියල හිතා ගන්න බෑ ඒත් මොකක් හරි ලියමු නේ?

මෙන්න මෙහෙම සිද්දියක් අපේ කස්ටියකට උනාලු මොකද්ද දන්නවද?
අපේ එකෙක්  3 වෙනි පාරටත් A/L ලියල ගෙදරට වෙලා එෆ්.බී. එකේ එල්ලිලා ඉන්න අතරේ මේකට අර මොකද්ද විද්‍යාපිටද මොකද්ද කියල එකක් තියෙන්නේ ඒකේන් කොල් එකක් ආවාලු පෙබරවාරි 1 පටන් ගන්නවා වරෙන් කියල(හැබැයි මුට ඕක සෙට් උනෙ 2වෙනි පාර රිසාල්ට් වලට). ඉතින් මේකටත් මොකද ලොකුවට දහ අතේ කොල් කර කර කියනවා “මචං මට විද්‍ය පීට ආවා 1 වෙනිදා පටන් ගන්නවා කියල“. අපිටත් ඉතින් හෙන සැටිස් මොකද අපිත් එක්ක හිටපු එක කාල කන්නියෙක්ට හරි හරි ගියානෙ කියල. මමත් ඉතින් විජහට ලෑස්තිවෙලා 25 වෙනිද මුන්ගේ ගෙදර ගියා පොඩි ආතල් එකක් දාල එන්නම් කියල, මොකද ආයෙත් සෙට් වෙන්නේ නැති හින්ද. (මුන්ගේ ගෙදර කිව්වට මූ බෝඩ් වෙලා හිටපු ගෙදරට, බෝඩිමක් කිව්වට අපෙ එල ෆිට් කොල්ලෙක්ගේ ගෙයක් නිකම් අපේ ගෙදර වගේ තමයි) ඉතින් මෙහෙම ඉද්දි අද මේ ගෝතය ඇවිත් කියනවා “මචං මම අරෙහෙ යන් නෑ බං, එහෙ නිවාඩු නැ යකෝ“ කියල. තව කියපි “යකෝ මට මේකට යන්න බෑ කිව්වම මට වැඩිය මේකට අමාරැ අනිත් උන්ටනේ මම 4න් එකත් ඔෆ් කරල දැම්ම බං“කියල, මුගේ ආච්චිට සීනි කිරන්න ඇයි යකෝ ජොබක් අතේ කියල මේ @%$ට මොකද තේරැම් ගන්න බැරි.

හරි හරි කියන්න ගියේ වෙන කුණුහරැපයක්නේ ආයි එතෙන්ට එමු නේද...........
මම කීවනේ මම මුගෙ බෝඩිමට ගියා කියල. ඉතින් රෑ 7ට විතර ගිහිල්ලා අරෑගේ අම්මටත් ටිකක් අසනීපයි ඒ හින්ද අපේ අර විද්‍යපීට කාරය තමයි ඉව්වේ, කෑම ටික නම් මෙලෝ රහක් නෑ මොනා කරන්නද රෑට බඩගින්නේ ඉන්නද අමාරැවෙන් හරි ඇස් දෙකයි දිවයි උල් කරගෙන කෑම ටික ගිල්ල.
ඊටත් පස්සේ ගියා කියමුකෝ කාමරේට, ගියේ නම් නිදාගන්නම් කියල මොකද පහුවද මටත් අධ්‍යපනය ලබන්න (හොදට නිදාගන්න) යන්න තියෙන හින්ද. මේන් වැඩක් “ෂැගී මගේ ලැප ෆෝමැට් කරමුද? ඒක මහ ලෙඩ ගොඩක් බං“ මොනා කරන්නද ආමාරැවෙන් හරි CD එකක් හොයාගෙන ඒකත් කොරා.
දැන් රෑ 10ට විතර ඇති කාමරේ ඉන්නෙත් මමයි අර විද්‍යපීට කාරයයි උගෙ මලයයි ගෙදර අයිතිකාරයයි කොහෙන්දෝ කාඩ් පැක් එකකුත් හම්බුනා, මටත් මොකද “වරෙල්ලා බං ගහමු ඔම්බියක්“ මේ අස්සේ මලය කියපි “අනේ අයියා තව පොඩ්ඩකින් මට වැඩ වගයක් තියෙනවා“ මොනා කරන්නද මූ මේ පාර A/L ලියනවනේ. මේකා එනකම් අපිත් 7වාසි ගහපි මේ ගේම යන්නේ අර විද්‍යපීට කාරයට ඕනි විදියට මොකද අනිත් උන් ඔය ගේම දන්නව කියලැයි.
ඇන් අර මලයත් බැහැපි ගේමට දැන් ඉතින් ඕම්මි තමයි. මෙහෙම රෑ2 විතර වෙනකම් ඔය ගේමත් ගියා කියමුකෝ.
කස්ටියත් නිදි කිරනවා කියපි එකසිය ගානට “දැන් නිදාගමුනේ“ අපිටත් ඉතින් එහෙම්ම හින්ද “හා යමල්ලා“ කියල, මායි ගෙදර අයිති කාරයයි නිදා ගන්න පොට් එකක් ලෑස්ති කරන අස්සෙ අර මලය කියපි “අයියා මට හු&$ බරයි යමන්කෝ චූ කරල එන්න“ කියල, මේකගේ අයියත් ඉතින් අරකා අහවල් වැඩේ කොරල එනකම් අහවල් එක අල්ලන් ඉන්න එකා වගේ ගියේ නැද්ද පැනල.
මේන් ගිහිල්ලා තත්පර 5යි ගිය උන්ටික අර සාලේ එලල තිබ්බ කොට්ට මේට්ටෙ ටිකත් ඇදගෙන අනිත් පැත්තට දුවන් ඇවිත් නිදි.
අපි අහපි “ඇයි බං මොකො උනේ“ කියය එතකොටම අරෑ කියපි “එලියේ කවුද කෙදිරි ගානව බං කියල“.
මාත් ඉතින් වෙලාව එහෙම බලලා ලොකුවට “කෝ වරෙල්ලා යන්ට බලන්න“ කියල ලොකුවට කිව්වට මගෙත් හිතට නිකම් මොකද්ද වගේ.
මෙ යන අස්සෙ මොකද්ද කන අස්සේ සද්දයක් ඇහුනා කියපියකෝ බෑලීනම් අර විද්‍යපීට කාරය ආතල් දෙනවා, කන පුරවල එකක් අත අරින්න හිතුනත් මොනා කරන්නද මමනේ ලොකු මිනිහා වගේ අරැන්වත් ඇදන් ආවේ ඉතින් බයයි කියල අරැන්ට පෙන්නන්නද ගියා ඉස්සරහටම.
පටන් ගත්තේ නැද්ද “හුම්.... හූම්......“
සිරාවටම මිනිහෙක් කෙදිරි ගානව වගේමයි, දන්නෙත් නැතුවම බයටම මල් වැටට හයි කරල තිබ්බ ගඩොල් 1/2ක් ඇරගෙන කෙලපි අර සද්දේ එන දිහාට.
ඒත් සද්දෙ මොන අඩුවක්ද............... කරන්නත් දෙයක් නෑ, එකෙක්වත් නො කතා, ඉස්සරහට යන්නත් බයයි. ටිකක් වෙලා යද්දි තේරැනෙ මේ බස්සෙක් කියල.
ඉතින් එහෙම කියල ආපහු ඇවිත් දෙයියනෙ කියල කවදාවත් නැතුව දෙයියො බුදුන් සිහිකරන් ගැහි ගැහි නිදා ගත්තා කියපියකෝ.
පහුවදා අරෑගේ අම්මගෙන් අහද්දි තමයි දන්නේ ඒ බස්සෙක් තමා කියල. දැන් ඉතින් එක එකාට තනි තනියම බක බක ගගා හිනා.
කස්ටිය සෙට් උනාම රෑ 1,2 වෙනකම් ගම වටෙ කරක් ගහපු මම, මට මතක විදියට එදයින් පස්සේ රෑ10,10.30 වෙද්දි ගෙදර.
අනේ මන්ද......................................................................

Sunday, January 29, 2012

පුලුවන්නම් කියමු බලන්න


ඔන්න "සටහන"ට එන යන අයට පොඩි ප්‍රශ්නයක් දෙන්න හිතුවා විසදාගන්ට පුලුවන් ඈයෝ තම තමන්ගේ විසදුම ලියලා තියලා යන්න හොදේ.....
මෙන්න මේකයි ප්‍රශ්නේ....
ඔන්න එක පළාතක දරුවෝ තුන්දෙනෙක් ඉන්න පවුලක් තිබුණා.මේ පවුලේ තාත්තට හිටියා බැටලුවෝ 18 දෙනෙක්.මේ පළාතෙ සම්ප්‍රදායක් තිබුණා දරුවන්ට දේපල බෙදනකොට ලොකුම දරුවට තියෙන දේවල් වලින් හරියට 1/2 ක් දෙන්න ඕනි.දෙවෙනියට  තියෙන දේවල් වලින් 1/3 ක් දෙන්න ඕනි.තුන්වෙනි කෙනාට  තියෙන දේවල් වලින් 1/9 ක් දෙන්න ඕනි.ඉතින් මේ තාත්තට උවමනා වුනා තමන්ගේ බැටලුවෝ ටික මේ ක්‍රමයට බෙදන්න.නමුත් පොඩි ගැටලුවක් තියෙනවා මේ බැටලුවෝ 18 දෙනාගෙන් තාත්තා කැමතිම බැටලුවෙක් ඉන්නවා ඒ බැටලුවා තමන්ට තියගන්න ඕනි.ඉතින් එහෙම එකෙක් තියාගෙන ඉතිරි බැටලුවෝ ටික බෙදපු විදිහ කියමුකො බලන්න

Tuesday, January 24, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1


ඔන්න ඉතින් කාලෙකින් පරණ කතාවකුත් අරන්  "සටහන" පැත්තේ එන්ට හිතුනා .ඔන්න මේක අංගොඩ පැත්තෙ ඒ කිව්වේ පිස්සන් කො‍ටුවේ වෙච්ච දෙයක් හොදේ.
ඔන්න පිස්සෙක් ඔය පිස්සන් කො‍ටුවෙන්  පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා  කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ පිස්සන් කො‍ටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින් කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ....
ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින් පහුවෙනි දවස උදාවුනා.
මෙන්න බොලේ අර පිස්සා  දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ පැත්තකට වෙලා එපා වෙලා  ඉන්නවලු.... ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා කිව්වට ගියේ නැද්ද බං කියලා.
එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
"බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ බං.ඉහි...... ඉහි...... ඉහි......"

ඔන්න ඕක තමා කතාව.එහෙනම් මම ගියා.හැමටම ජය වේවා කිව්වා....

Sunday, January 22, 2012

පොඩිඑකා.

ඉතින් දවස් දෙකකින් විතර කතාවක් තියා කථන්දරයක් වත් කියන්න බැරි උනානේ, ඉතින් අද පොඩියට එකක් කියන්නම් කියල හිතුනා මොකද ක්සාස් එකකට ඇවිල්ලා කරන්න වැඩක්වත් තියෙන්න එපැයි මොකද මෙතන ඇවිල්ලා පැය 5ක් විතර නිදාගන්න එකත් හරියන වැඩක් නෙවෙයිනේ.
හරි හරි ඉතින් පොඩියට ව‍ගේ කතාව කියන්න පටන් ගන්නම්කෝ......



ඔන්න එක මහප්‍රණ බුවෙක්ගේ ගෙදරක මොකද්ද වැඩක් තියෙනවලු කොරන්නයි කිලාල, ඒක කොරන්න ඉතින් අර මහප්‍රණ බුවාට බැරි හින්දා ගෙන්නව්වලු පොඩි කොලු ගැටයෙක්ව (කොලු ගැටයෙක් කීවට මේකට වයස අවුරැදු 30ක් විතර වෙනවා කියල තමයි කියන්නේ).

ඉතින් මේකත් ඇවිල්ලා හරි බැරි ගැහිලා ලොකුවට උගේ වැඩ කටයුතු ටික පටන් ගත්තලු. මේ අස්සේ මෙතෙනට දුවගෙන ආවලු මේ ගෙදර අයිතිකාරයගේ පුතන්ඩියා, මේ පුතන්ඩියට ඉතින් වයස 4ක් විතර ඇති කියලයි කියන්නේ. මේකා හරි ලස්සන හුරැබුහුටි එකකෙක්ලු.

මේකව දැක්කට පස්සේ අර පොරට "පවුනේ පොඩිඑකා කම්මැලිකම යන්නත් එක්ක මූත් එක්ක කයියක් ගහගන වැඩේ කරන්න හිතුනලු" ඉතින් මේ පොර අර පොඩි එකාව ලගට අරන් ඌත් එක්ක පොඩි චැට් එකකට සෙට් උනාලු.
 පොර: පුතේ ඔයාගේ නම මොකද්ද?

(දන්නවනේ ඔය වයසේ පොඩිඋන් ගැන, ටිකක් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට)
පොඩිඑකා: දිතා.....නා..යක (කියල උත්තර දුන්නලු)

(ඒක අහපු පොරට හෙන ආතල් එකක් ගියාලු පස්සේ පොර ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?

(අයෙත් අර පොඩි එකා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට වගේ නම කිව්වලු, මුට දැන් හෙන ආතල්ලු ආතල් කියන්නේ හෙන චූන්ලු මු ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?

 දැන් ඉතින් අර පොඩි එකාගේ මල අතේලු මූ එක පැරවම වගේ කිව්වලු
පොඩිඑකා: ඇයි තඩි හු%@& පුතෝ දිතා..නායක.
කියල යන්න ගියාලු.

කරැණාකර ඔය වැඩිහියන් සියලුම දෙනා පොඩිහියන්ගෙන් ආතල් ගැනීමෙදි පරිස්සම් වන්න.

මේක මේ අපේ කොල්ලෝ සෙට් එක චැට් එකකට සෙට් වෙලා ඉද්දි "වි.ස." කියල අපේ කොල්ලෙක් කියපු පොඩි පහේ කතාවක්.

English

අපි නොදන්න ඉංගිරිසි.
අනේ ‍ බොලව් .................................
හා කියපල්ලා බලන්න තොපිට හරියට අල්පොබොට් කියව ගන්න පුලුවන්ද,
අඩුම ගානේ මුල ඉදල අගට තියා අග ඉදල මුලට වත් කියව ගන්න පුලුවන්ද බොලව්....................


තොපි වැඩිම උනොත් එකම එක වචනයක් හරියට කියයි "F_C_" මම හරිනේ?
නොදන්න මගුල් කොරන්න ගිහින් ඇදන් ඉන්න අඹුඩෙත් ගලව ගන්නේ නැතිව නොදන්න ඉංගිරිසියට වඩා දන්න සුද්ද සිංහලේ හරි හොදයි නේ, කියපියව්. ඉතින් අමු තිත්ත කුණු හරැප වලින් හරි කමක් නෑ හරියට දන්න රෙද්දකින් හරියට කතා කරපියව්.

Thursday, January 19, 2012

අම්මේ මාව හම්බ උනේ කොහොමද?

බබා ‍: අම්මේ අම්මට මාව හම්බ උනේ කොහොමද?

අම්මා ‍: ඔයාව මට දුන්නේ දෙයියෝ.

බබා : එතකොට අයියවයි අක්කවයි දෙන්න හම්බ උනේ?

අම්මා : ඒ දෙන්නට මට දුන්නෙත් දෙයියොම තමයි.

බබා : ඉතින් අම්මේ දෙයියෝ ඇවිල්ලා අපි තුන් දෙනාව දීල යනකම් අපේ තාත්තා අත කට අකුලන් අහවල් එකද්ද කලේ?

අම්මා : ඒ දවස්වල උඹලෑ අප්පා වැඩකලේ අල්ලපු ගෙදර ඇන්ටිලාගේ සිකියුරිටි කොම්පැනියේ ඒ හින්දා ගිහින් ඒ ඇන්ටිගෙන්ම ඒ ගැන අහගනින්.


පන්නි කාමරය

ඔන්න ඉතින් අද උදේ පාන්දරම මනුස්සයෙක් නා කියාගෙන යන්න ලෑස්ති උනාලු අර රටේම පුසිද්ධ මොකද්ද ආයතනයක මොනවද ඡාතියක් ඉගෙන ගන්න කියලා.

ඉතින් මේ මොකාද එකා වගේ ලෑස්ති වෙලා ගියාට පට්ට ආතල් මොකද අලුත් තැනක්නේ ඉතින් අද ඉදලවත් මොනවා හරි පොඩ්ඩක් මට කියල කරගන්න ඕනේ කියල ගියා කියමුකෝ ඉස්සරහම පෝලිමේ පුටුවකට අපි මොන කෙහෙල් මලකටද හැමදාම පරණ පුරැදු විදියව පස්සේ පොලිමට යන්නේ මේක ඉතින් හැමදාම පලවෙනි දවසේ හිතෙන දේනේ.

මොකට කියනවද ඉතින් බොසත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තලු  ඉස්සල්ලාම දවසේ ඇග පත හොදට හිර කොරගෙන ගියාට මොකද ලස්සනට පැයක් විතර ඉදගෙන හිටපු මට අමුතු හැගීම් වගයක් “@!#$%^&* !@#$%^&*“ හිතට ගලාගෙන එන්න පටන් ගත්ත කියන්නේ, ඒ අස්සේ ආච්චිට පොල්කිරි මිරිකන්න කියල ඊයේ මුලු රෑම නින්දක් නැති හින්දද කොහෙද හීනියට වගේ නිදිමතකුත් ආව කියන්නේ (මේක නම් කීවේ මගේ ලග හිටපු පොර අර විවේකයද මොකද්ද කියන එක දුන්න වෙලාවෙ).

දැන් ඉතින් වැඩේ පටන්ගෙන පැය 3ක් විතර ගියාට පස්සේ කාන්තාරෙට වැහි බින්දුවක් වැටුන වගේ ලස්සන වචන පේළියක් ලාවට වගේ ඇහුනා ඒ මොකද්ද කියනවා නම් “දැන් ගිහිල්ලා තව විනාඩි 20කින් එන්න“ මටත් මොකද ඉතින් දෙයියෝ ඇරියා වගේනේ. ඇයි යකෝ පාන්දර 7.30ට විතර බත් ඇටයක් දාගත්තට පස්සේ වතුර පොදක් වත් හම්බ උනා කියලැයි.

දැන් ඉතින් මොනහරි බඩට පටවගන්නත් එපැයි එහෙම කියල ගියා කියන්නේ Canteen එකට අනේ ඉතින් canteen කීවට අපට වැරදිලා ගිහින් තියෙන්නේ දිව්‍ය ලොකයටද කොහෙද, බලන බලන තැන ලස්සන සුරංගනාවියෝ වගේ කන්‍යවියෝ පිරිල, කන්‍යවියෝ කිවට ඇත්තටම එහෙමමද කියල හොයා ගන්න නම් බැරි උනා අපි දැනට එහෙම කියල හිතමුකෝ. මේව දිහා බල බල ඉද්දි බඩගින්නත් අමතක උනාට කොහොම හරි ඒක ආපහු මතක් කොරගෙන අතේ තිබ්බ බත් පාර්සලයත් 7ත් 8 දෙනෙක් එකතු වෙලා ඉවරයක් කරා කියමුකෝ. ඒකට ලොක්කා විනාඩි 20යි දෙන්නේ කීවට අපිට පැයක විතර පුංචි විවේකයක්ලු හම්බ උනේ. ඊටත් පස්සේ අවුරැදු ගානක් එකට හිටපු වාමනයෝ ටිකක් වගේ දොර ලගට වෙලා වගේ එලියට එන එල කිරි කෑලිටික දිහා කන්න වගේ කෙල හල හල බලන් ඉද්දී යම රඡ්ඡුරැවෝ කෑගහනවා වගේ බොසා කෑ ගහපිනම් “වේලාව ඉවරයි කියල“.

මොනා කරන්නද ඉස්සල්ලාම දවසනේ කෙලව ගන්නත් බෑනේ ආපහු කටයි @#යි අකුලන් අර හිටපු යම ලොකෙටම ගියා කියලයි කියන්නේ. කිරි අප්පට බල්ලෝ ඇරපි කව්වලු මෙන්න උදේ හිටපු නැති දේව දූතියකුත් අපේ ක්ලාස් එකේ මල රෙද්දයි මටත් මොකද මමත් බලෙන්ම වගේ ප්‍රමෝෂන් එකක් ඉල්ලගෙන පැන්නේ නැතැ බොසා ආසම පොලිමට (අන්තිම පොලිමට). හිකිස්........ පට්ට පොට් එක ආයේ මොකට කියනවද කවි, සිංදු, කතන්දර පිරැණ අමුතුම ලෝකයක්. බොසාගේ කතාව ඉස්සරහින් යද්දි අපිත් ඉතින් අලුත් කතන්දර ඉගෙන ගනිමින් අර අලුතෙන් ආපු දේව දූතියගේ හැඩ තල දිහා බලමින් ඉතිරි පැය 3ත් ගෙවල දැම්මලු.


හෙටත් මේ විදියටම අමාරැවෙන් ඉගෙන ගෙන අපේ බොසාගේ සුහච කීකරැ ගොලය වෙන්න ඕනි නිසා හෙටත් යන්නයි බලාපොරොත්තුව.

Wednesday, January 18, 2012

ආයුබෝවන්!


හැමොටම ආයුබෝවන්!

කෝච්චිය


ඔන්න ඉතින්, හා හා පුරා................. හා පුරා............... කියල අපි, ගින්දර වගේ කොල්ලෝ සෙට් එකක් (අපි නෙවෙයි කෙල්ලෝ තමයි අපිට මෙහෙම “ගින්දර වගේ සෙට් එකක් කියල“ කියන්නේ) සෙට් වෙලා හීනියට වගේ පොඩි කෝච්චියකට නගින්න හිතුවලු.

ඉතින් අපි මේ ලොකුවට මොකද්ද එකක් උඩ දාගෙන කෑ ගැහුවට මේ කෝච්චියට නැගල ඉන්නේ මේ හැම තැනම වැඩ දාල ඉන්න ලොකු සෙට් එකක් එහෙමත් නෙවෙයි කියලයි කියන්නේ. ගමේ ගොඩේ දුවල පැනල හොද ලැඡ්ඡ බයට හැදිච්ච කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් තමයි ඉතින් මේ කොච්චියට මුලින්න ගොඩ වෙලා ඉන්නේ.

අපි හීනියට වගේ මේ කොච්චියට ගල් අගුරැ ටිකක් එහෙම දාලා ස්ටාට් කොරල ගත්තයි කියමුකෝ, ඉතින් මේ කෝච්චිය යන්න පටන් ගත්තට පස්සේ මගදි රඡවරැ, වෙලෙන්දෝ, හිගන්නෝ හැමොම ගොඩ වෙයි මොකද මේක හැමෝටම උස් පහත් බේදයකින් තොරව නගින්න පුලුවන් කෝච්චියක් නිසා ඒත් කිසිම කෙනෙක් බැහැල යයි කියල නම් හිතන්න අමාරැයි, කොහොම උනත් බලමුකෝ, ඉතින් ඒ හැමෝටම “මෙන්න මෙන්න මෙහෙ වරෙව් කොල්ලනේ නට නටා වරෙව්, තොපිට හරිම වාසියක් නට නටා වරෙව්“ කියලා ආරාධනා කරමුකෝ.

මේ ලොකයට ලොකුවට කෑගැහුවට මමත් මේ ඊයේ පෙරේද මේ කෝච්චි රස්සාවට බැහැපු මිනිහෙක් ඉතින් බලමු මේ පටන් ගත්තු වැඩේ ඔන්න එහෙනම්
කුචි කුචි... හොස් හොස්... කුචි කුචි... හොස් හොස්... කුචි කුචි... හොස් හොස්... කුචි කුචි... හොස් හොස්...කුචි කුචි... හොස් හොස්...කුචි කුචි... හොස් හොස්...කුචි කුචි... හොස් හොස්...කුචි කුචි... හොස් හොස්...කුචි කුචි... හොස් හොස්...