Thursday, February 2, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 2


කට්ටියටම ආයුබෝවේවා!.
මුල් කතාව කියපු නැති අය මෙතනින් ගිහින් එකත් කියවලා එන්න පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1
ඔන්න කාලෙකින් පිස්සන් කො‍ටුවේ කතාවකුත් අරන් "සටහන" පැත්තේ ආවා.
ඔන්න පිස්සන් කො‍ටුවෙන් පැනලා යන්ට හිටපු මෑන් හෙන අප්සට් ගහලා හිටියානේ....
ඔහොම හිටියට මිනිහට එපා වෙලානේ හිටියේ.ඔය අතරෙ දවසක් පිස්සන් කො‍ටුවේ හෙන කලබලයක්.මොකෑ මේ කියලා බැලින්නම් පිස්සන් කො‍ටුවේ පොල් ගහක් උඩ එක පිස්සෙක් නැගලා.
කිරි අප්පට බල්ලෝ පැනපි මේ අර පැනලා යන්ට හිටපු මෑන්නේ. මිනිහා ගහ උඩ නැගලා හෙන වලියක් බහින්ට බැහැ කියලා.
 ඔය අතරේ පිස්සන් කො‍ටුවේ දොස්තර මහත්තයත් ඇවිත් පින් සෙන්ඩු වෙනවා අරූට බහින්ට කියලා.මේකා නෙවෙයි බහින්නේ.
පිස්සන් කො‍ටුවේ ආරක්ෂක මහත්වරුත් බැලුවා අරූව බිමට ගන්න.මූ නෙවේ බැස්සේ.
පස්සේ ගස් කපන මිනිහෙකුත් ගෙනත් ගහ කපන්ට හැදුවත් මූ බැස්සෙ නැනේ......
පස්සේ පොලිසියෙන්නුත් ගෙනවා.ඒත් වැඩේ හරි ගියේ නෑ.
පස්සෙ හමුදාවෙන් ගෙනත් මූට වෙඩි තියන්ට හැදුවත් මේකාද නෙවේ බැස්සේ.
ඔය අතරෙ වෙන පිස්සෙක් ඇවිත් දොස්තර මහත්තයගෙන් ඇහුවා
"ඇයි මහත්තයෝ මොකද අවුල " කියලා.
දොස්තර මහත්තයා කියනවා
"මූ මේ ගහේ නැගලා පිස්සු කෙලිනවානේ" කියලා.
ආපු පිස්සා කියනවා
"ඉන්නකෝ මම ඕකාව බස්සන්න"
මෙහෙම කියලා දෙවෙනි පිස්සා උගේ කාමරෙට ගිහින් ඇවිත් පොල් ගහ ලග ඉදගෙන මොකදෝ කරනවා.
බැලින්නම් මූ පොඩි බ්ලේඩ් තලයක් ඇරගෙන ගහ කපන්න පටන් අරගෙන.
මේන් යකො ගහ උඩ හිටපු එකා තප්පර ගාණට බිමට බැස්සා.
 ඉතින් දොස්තර මහත්තයා ගහෙන් බැස්ස පිස්සගෙන් අහනවා
"මොකො යකෝ මෙච්චර වෙඩි තියන්ට ලැස්ති වෙද්දිත් බැස්ස නැති උඹ මු මේ බ්ලේඩ් තලයෙන් ගහ කපන්න යනකොට බැස්සේ " කියලා.
ගහෙන් බැස්ස පිස්සා මෙහෙම කිව්වේ නෑතෑ....
"මහත්තයො, විශ්වාස කරන්ට බෑනේ.මූ පිස්සෙක්නේ......"

එහෙනම් ඕන්න මම ගියා.ඔක්කෝටම ජයවේවා!...................

2 comments:

  1. අනේ මන්ද ගිහානෝ උඹට මෙහෙම දේවල් උනාද කියල විස්වාස කරන්නත් අමාරැයි බං.

    ReplyDelete
  2. ඔව් බන් මාත් මේ කල්පනා කලේ මට මේවා මතක කොහොමද කියලා

    ReplyDelete