Tuesday, January 24, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1


ඔන්න ඉතින් කාලෙකින් පරණ කතාවකුත් අරන්  "සටහන" පැත්තේ එන්ට හිතුනා .ඔන්න මේක අංගොඩ පැත්තෙ ඒ කිව්වේ පිස්සන් කො‍ටුවේ වෙච්ච දෙයක් හොදේ.
ඔන්න පිස්සෙක් ඔය පිස්සන් කො‍ටුවෙන්  පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා  කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ පිස්සන් කො‍ටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින් කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ....
ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින් පහුවෙනි දවස උදාවුනා.
මෙන්න බොලේ අර පිස්සා  දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ පැත්තකට වෙලා එපා වෙලා  ඉන්නවලු.... ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා කිව්වට ගියේ නැද්ද බං කියලා.
එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
"බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ බං.ඉහි...... ඉහි...... ඉහි......"

ඔන්න ඕක තමා කතාව.එහෙනම් මම ගියා.හැමටම ජය වේවා කිව්වා....

3 comments:

  1. මචං මේක උඹ අංගොඩ ඉද්දි වෙච්ච සීන් එකද්ද බං. මට හිතෙන විදියට නම් පැනල යන්න හිටපු එකා උඹ වෙන්න ඕනි.

    ReplyDelete
  2. ඔව් බං උඹට මතකද ඇහ්? තව අපි දෙන්නාට වෙච්ච වැඩ තියෙනවා.හිමීට කියන්නම්කෝ ඇහ්....

    ReplyDelete
  3. ඔව් ඔව් මට හොදට මතකයි. ඇයි යකෝ උඹව බලන්න ආවේ මම විතරනේ.

    ReplyDelete