Sunday, February 5, 2012

කිරිකට් කෙරැවාව.

“ඔන්න ඉතින් අදත් ආවා වල්පල් ටිකක් දොඩවලා යන්න“ කස්ටිය එහෙමත් හිතනවා ඇති නේද? අනේ නෑ, ඉතින් පොඩි ෆන් දාල යන්න තමයි ඉතින් අපි මේ පැත්තට එන්නේ.

අදත් පොඩි දෙයක් කියන්න ඔනේ කියල හිතුන මොකද්ද දන්නවද නෑනේ එහෙනම් කියන්නම්.

උඹලගේ ගම් වල ඉන්නව නේද කොල්ලො සෙට්. ඉතින් උඹලත් ඒ වගේ සෙට් එකක බුවෙක් වෙන්න ඇතිනේ? ඉතින් උඹලගේ සෙට් එකට ගමේ ඉන්න චමින්දල ටික මොකද්ද කියන්නේ, අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ එලකිරි, ඕනි කෙහෙල් මලකට එකට ඉන්න සෙට් එකක්  උන්ට නම් කියන්නේ “වැහි දෙයියල ටික“ කියල, දන්නවද මොකද කියල. උත්තරේ “නෑ“



ඉතින් ඔය ගම් ඉන්න මේ සෙට් වලට එක එක කාල වලට එක එක අමුතු අමුතු ආතල් යනවනේ ඉතින් අපේ උන් ටිකටත් එහෙමයි. කාලෙකට පස්සේ මැච් එකක් ගහන්න ඕනි කියල හිතුනලු ඉතින් හැමෝටම එක පාරටම චූන්. ඉතින් අපිට කිරිකට් ගහනවා කියල Ground කොහෙන්ද වෙල් ඉප නැල්ලේ දුවල පැනල නටපු කොල්ලෝ ටිකක්නේ ඉතින් මැච් ගහන්න විතරක් මොකටද Ground කියල අපේ අයියල ටිකත් කැති පොරෝ උදලු ටිකත් අරගෙන බැස්සයි කියන්නේ වෙල්යායට මොකටද? Ground එකක් හදන්න. මොකද මේ දවස් වල කුඹුරැවල ගොයම් තියෙන එකක්ද? හිස් වෙල් යාය අපරාදේ නාස්ති වෙනවනේ කියල.

ඉතින් මේ Ground එකක් හදන්න යන වැඩේට කොච්චර වැඩිමල් කස්විය හිටියත් කෙරැම නායකයා කියල හිතන් ඉන්නේ උක්කුන් කියල පොරක් මගෙම වයසේ බුවෙක් තමයි. (මේකා වැඩක් කරොත් ඉතින් @ හැලියයි හත් පොලෙම ගාගෙන තම ඉවර කරන්නේ) අපිටත් මොකද මු ඉතින් බක පන්ඩිතයනේ.

ඔන්න ඉතින් 3 වෙනිද කියන දවසේ වරැවක් විතර නාස්ති කොරල ඔය කියන Ground එක කපල ඉවර කොරා කියමුකෝ අල්ලපු වත්තේ තියෙන තැඹිලි ගහට පින් සිද්ද වෙන්න. මොකද වැඩේ බාගෙට කරත් ඉතින් ආයි කරන් නරත්තම් වැඩේ ඉවරයි කියලනේ කියන්නේ. මේන් වැඩක් වැඩේ ඉවර උනා විතරයි ICC එකෙන් අර අපේ උක්කුන් බුවට කොල් කර කර මල වදේ අපි හදපු Ground ඉල්ලලා ඊලග ICC මැච් වලට, කොහෙන් ආරන්චි උනාද දන් නෑ. අපේ කුඹුරැ Ground එක ඒ තරම් සුපිරි තමයි.

ඊටත් පස්සේ ඒ කියන්නේ Ground හදල ඉවර උනාට පස්සේ පුරැදු වෙන්නත් එක්ක අපේ බුවාරිස්ල ටිකත් සෙට් වෙලා මැච් එකක් ගැහුවා කියමුකො. මෙහෙම්ම පහුවදාත් ඒ කියන්නේ අපේ නිදහස් දවසෙත් සෙට් වෙලා මැච් තමයි.

දැං ඉතින් බඩු හරි මෙන්න මෙහෙම පහුවදත් මුච් ගන්න සෙට් තමයි අනේ දෙයියනේ කාට මොනවා කිරන්නද කියල තේරෙන් නෑ මොකද එදා ඉදල දිගටම වැස්ස.

අපි ආයි ඉතින් දන්නවනේ Ground එකක් හැදුවොත් දන්නවනේ දිගටම වැස්ස තමයි. අපි Ground හදන්න පටන් ගත්තොත් ගමේ ඉන්න කැඹුරැ කාරයින්ට ෆුල් ආතල් උන් කරන්නනේ ගෙදර දුවගෙන ගිහින් පහුවදා ඉදල කුඹුරැ කොටන්න ලෑස්ති වෙන එක තමයි.

ඔන්න ඔහොම්ම අපේ මැච් කෙරැවාවත් දවසකට දෙකකට වැඩිය තියෙන්නේ නෑ තමයි.

මොකද මේක මේ අද ඊයෙක ඉදල වෙන දෙයක් නෙවෙයි දැන් අවුරැදු ගානද ඉදල වෙන දෙයක්. ඒකයි එහෙම “වැහි දෙයියල ටික“ කියාගන්න හේතුව.


No comments:

Post a Comment