Friday, May 18, 2012

රණ විරුවන් හැමදා එක සේ

වසර තුනකට පෙර අද වාගේ දින
මතකෙට නැගේ අද ඉයේ වාගේ මට
රට තුල මහ සැණකෙලි තිබුන යුර
ටික ටික මැවේ ඒ දිනයේ සිද්ධි ගැන


රට ‍රැකි කොල්ලන් එදා රණ විරුවන් ලෙස
පමණක් නොවේ මුර දෙවියන් ලෙස රටට
හදුනා දෙමින් තම මදි තර කරගත්ත
උතුමන් වෙසේ අදටත් ඒ අතරින්න


එදවස සිටිය විරුවන් අතරින්න
මහ විරුවාගේ නම මකමින්න
කට්යුතු සිද්ධ වුන යුරු මතකින්න
ලියවන්නේ අදහසකි සිත තුල තිබුන


එදවස උන්නු විරුවන් ගැන මතක් වෙන්න
දිනයක් ඕනේ අපේ රට ඇත්තන් හට ඔන්න
එනමුදු දු‍ටු දෙයක් අද දින යන විට මගක
සිත පෑරුනා විරුවන් ගැන සිතමින්න


ඒ දු‍ටු දෙය නිසයි මා මේ ලියන්නේ
විරුවෙක් උන්නා මහ මග නිල ඇදුමින්නේ
පොතකුත් තියාගෙන මහ මග ඉදිමින්නේ
මිනිසුන්ගෙන් එය මිලදි ගන්නා ලෙස අයදින්නේ 


මෙය නොවටිනා දෙයක් බව සිතුනා
ඔවුනගේ අභිමානය වැටෙනා බව හැගුනා
අප මෙය ගැන සිතිය යුතැයි සිතුනා
ඒ ගැන විමසන්න මේ බව ලියවුවා


රණ විරුවන් හැමදා එක සේ දැකලා
අපි ගරු කල යුතුයි හැම දින සිතලා
ඔවුනගේ අභිමානය එලෙසම තියලා
හැමදා සිහිකරමු දිනකට සීමා නොවිලා


Saturday, May 12, 2012

අපෙ උන්ගෙ වැඩ

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අදත් මෙ පැත්තට රිංගුවා කියමු කතාවක් කියන්ඩයි කියාලා

හරි හරි වැඩි කතන්දර අවශ්‍ය නෑනෙ මෙන්න මෙහෙමයි ඔය සිද්දිය වෙනවා කියන්නෙ

ඔන්න දැන් 3 දෙනෙක්… ජපන් ඇමරිකන් ලන්කන් 3 ක් කියල ගමුනෙ ඔන්න ඉතින් 3 කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තර නෑ. ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…)

 any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා දන්නවනෙ උට ඉතින් 78යිලු. පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ

ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති ඒහෙමයි කියන්නෙ)

දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ඇමරිකන් බුවා අතුරුදන් !

දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් ගල් අරැනොද්ගෙ apple කියල හිත ගනිල්ලා)
දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?
දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!

ඔන්න ඉතින් අපෙ උන්ගෙ වැඩ........

අපිට මෙව මෙහෙම ලියන්න අපෙ කස්ටිය මාර සප් ඒකක් දෙනවා උන්වත් මතක් කරන්නම ඔනෙ (R.P. & D.K. & etc)