Sunday, January 22, 2012

පොඩිඑකා.

ඉතින් දවස් දෙකකින් විතර කතාවක් තියා කථන්දරයක් වත් කියන්න බැරි උනානේ, ඉතින් අද පොඩියට එකක් කියන්නම් කියල හිතුනා මොකද ක්සාස් එකකට ඇවිල්ලා කරන්න වැඩක්වත් තියෙන්න එපැයි මොකද මෙතන ඇවිල්ලා පැය 5ක් විතර නිදාගන්න එකත් හරියන වැඩක් නෙවෙයිනේ.
හරි හරි ඉතින් පොඩියට ව‍ගේ කතාව කියන්න පටන් ගන්නම්කෝ......



ඔන්න එක මහප්‍රණ බුවෙක්ගේ ගෙදරක මොකද්ද වැඩක් තියෙනවලු කොරන්නයි කිලාල, ඒක කොරන්න ඉතින් අර මහප්‍රණ බුවාට බැරි හින්දා ගෙන්නව්වලු පොඩි කොලු ගැටයෙක්ව (කොලු ගැටයෙක් කීවට මේකට වයස අවුරැදු 30ක් විතර වෙනවා කියල තමයි කියන්නේ).

ඉතින් මේකත් ඇවිල්ලා හරි බැරි ගැහිලා ලොකුවට උගේ වැඩ කටයුතු ටික පටන් ගත්තලු. මේ අස්සේ මෙතෙනට දුවගෙන ආවලු මේ ගෙදර අයිතිකාරයගේ පුතන්ඩියා, මේ පුතන්ඩියට ඉතින් වයස 4ක් විතර ඇති කියලයි කියන්නේ. මේකා හරි ලස්සන හුරැබුහුටි එකකෙක්ලු.

මේකව දැක්කට පස්සේ අර පොරට "පවුනේ පොඩිඑකා කම්මැලිකම යන්නත් එක්ක මූත් එක්ක කයියක් ගහගන වැඩේ කරන්න හිතුනලු" ඉතින් මේ පොර අර පොඩි එකාව ලගට අරන් ඌත් එක්ක පොඩි චැට් එකකට සෙට් උනාලු.
 පොර: පුතේ ඔයාගේ නම මොකද්ද?

(දන්නවනේ ඔය වයසේ පොඩිඋන් ගැන, ටිකක් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට)
පොඩිඑකා: දිතා.....නා..යක (කියල උත්තර දුන්නලු)

(ඒක අහපු පොරට හෙන ආතල් එකක් ගියාලු පස්සේ පොර ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?

(අයෙත් අර පොඩි එකා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට වගේ නම කිව්වලු, මුට දැන් හෙන ආතල්ලු ආතල් කියන්නේ හෙන චූන්ලු මු ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?

 දැන් ඉතින් අර පොඩි එකාගේ මල අතේලු මූ එක පැරවම වගේ කිව්වලු
පොඩිඑකා: ඇයි තඩි හු%@& පුතෝ දිතා..නායක.
කියල යන්න ගියාලු.

කරැණාකර ඔය වැඩිහියන් සියලුම දෙනා පොඩිහියන්ගෙන් ආතල් ගැනීමෙදි පරිස්සම් වන්න.

මේක මේ අපේ කොල්ලෝ සෙට් එක චැට් එකකට සෙට් වෙලා ඉද්දි "වි.ස." කියල අපේ කොල්ලෙක් කියපු පොඩි පහේ කතාවක්.

2 comments:

  1. ඇයි උඹට අකුරැ කියවන්න බැරිද?

    ReplyDelete