Monday, February 13, 2012

මනමාලි

මෙන්න ඉතින් අදත් ආවා කියවලා යන්න.

හරි හරි වැඩි කතා එපා නේ කියවලා යන්න තිබ්බොත් ඇතිනේ ඒ හින්ද පටා.....න් ගන්නයි යන්නේ.

මෙන්න මෙහෙම සිද්දියක් වෙලා තියෙනවාලු 198_/199_ කාලේ.

ඔන්න ඒ කාලේ අපේ කස්ටියක් ගිහින් තියෙනවා කොල්ලෙක්ට (ඒ කාලේ ඉතින් කොල්ලොනේ දැන් ටිකක් වයසක උදවිය උනාට) මනමාලියක් බලන්න. කවුද දන්නවද ගිහින් තියෙන්නේ, මේ කොල්ලගේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි, මලයයි තමයි ගිහින් තියෙන්නේ.මේ මනුස්සයගේ අයියයි අක්කයි දෙන්න මේ වෙන කොටත් පවුල් පන්සල් වෙලයි ඉදල තියෙන්නේ.

දැන් ඉතින් මේකගේ බරෙනුත් නිදහස් වෙන්න කියල හිතාගෙන මේ කස්ටියම ගිහිල්ලා හොදට හරි බැරි ගැහිල වාඩිවෙලා හෙම ටිකක් වෙලා ඉද්දි වෙන්ට නෑයෝ ටික කතා කරයි කියමුකෝ තේ උගුරක් බොන්ටයි කියාලා, අනේ ඉතින් මේ අපේ කස්ටියත් ගිහින් තේ කිව්වට උදේට නෙවෙයි දවස් 2,3කින් කාල හිටපු නැති නිසා ( දැනටත් එහෙමනේ අපිත් මගුලක්/පාටියක් වගේ දෙයක් ලගයි නම් දවස් 2,3 ඉදන් බඩ හිස් කරන්න පටන් ගන්නවනේ නේද?) හොදට ඇඹරැවයි කියලයි කියන්නේ.

අනේ ඉතින් ඊටත් පස්සේ කස්ටියම ඇවිල්ල වාඩි උනයි කියමුකෝ ඔය කියන මනමාලි බලන්න. හරිම තමයි දැන් ඉතින් මනමාලිත් පද්ද පද්ද කැට් වොක් එකද මොකද්ද කියන එක දාගෙන බුලත් හෙප්පුවත් දෑතින් දරන් එනවයි කියපි ඉස්සඑහට. මේන්න ඉතින් අපේ ලොක්කත් අතයි කටයි දෙකත් උල් කරගෙන ඉන්න්‍වයි කියමුකෝ මේකි ඇවිත් බුලත් හෙප්පුව දීල “අයියේ මාව එක්කන් පලකෝ“ කියනකම්.



බඩුම තමයි කෙලපි තාප්පෙට කිව්වලු මෙන්න මේකි ඇවිත් දුන්න නේද බුලත් හෙප්පුව එතන හිටපු එල කිරි වගෙ  හැන්සම් කොල්ලට කාටද? (ඇයි ඉතින් මේකි දන්නවැයි මනමාලයා කවුද කියල) අර මනමාලයාගේ අයියට. ඇයි යකෝ මේකි දැක්කෙ නැද්ද අයියගේ මගුල් මුද්ද,

හරි දැන් ඉතින් මනමාලිත් එල කිරි වගේ ලස්සන කෑල්ලක් හින්ද මගුලත් තීන්දුයි කියමුකෝ.

වැරදි හැදිල්ල කෙසේ වෙතත් අපේ කස්ටිය අනේ දෙයියනේ කියල හැරපි අනිත් පැත්තට. ගෙදර එන ගමන් මලය කියනවයි කියපි “අනේ අයියා අයේ උඹ නම් එන්න එපා මට මගුල් කතා කරන්න, තෝ නෑනා පොඩ්ඩත් තියන් ගෙදෙට්ට වෙලා හිටපිය“. අයියෝ සැලරි මගුල් කිව්වලු.

මේ කතාවත් කිව්වේ මගෙම පියරජතුමා තමයි. වෙලාවට මටනම් අයියල නෑ.

තව පොඩ්ඩෙන් දෙයියනේ කියල මටත් අම්මල දෙන්නයි. බඩුම තමයි නේ.........................

No comments:

Post a Comment