Thursday, January 19, 2012

පන්නි කාමරය

ඔන්න ඉතින් අද උදේ පාන්දරම මනුස්සයෙක් නා කියාගෙන යන්න ලෑස්ති උනාලු අර රටේම පුසිද්ධ මොකද්ද ආයතනයක මොනවද ඡාතියක් ඉගෙන ගන්න කියලා.

ඉතින් මේ මොකාද එකා වගේ ලෑස්ති වෙලා ගියාට පට්ට ආතල් මොකද අලුත් තැනක්නේ ඉතින් අද ඉදලවත් මොනවා හරි පොඩ්ඩක් මට කියල කරගන්න ඕනේ කියල ගියා කියමුකෝ ඉස්සරහම පෝලිමේ පුටුවකට අපි මොන කෙහෙල් මලකටද හැමදාම පරණ පුරැදු විදියව පස්සේ පොලිමට යන්නේ මේක ඉතින් හැමදාම පලවෙනි දවසේ හිතෙන දේනේ.

මොකට කියනවද ඉතින් බොසත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තලු  ඉස්සල්ලාම දවසේ ඇග පත හොදට හිර කොරගෙන ගියාට මොකද ලස්සනට පැයක් විතර ඉදගෙන හිටපු මට අමුතු හැගීම් වගයක් “@!#$%^&* !@#$%^&*“ හිතට ගලාගෙන එන්න පටන් ගත්ත කියන්නේ, ඒ අස්සේ ආච්චිට පොල්කිරි මිරිකන්න කියල ඊයේ මුලු රෑම නින්දක් නැති හින්දද කොහෙද හීනියට වගේ නිදිමතකුත් ආව කියන්නේ (මේක නම් කීවේ මගේ ලග හිටපු පොර අර විවේකයද මොකද්ද කියන එක දුන්න වෙලාවෙ).

දැන් ඉතින් වැඩේ පටන්ගෙන පැය 3ක් විතර ගියාට පස්සේ කාන්තාරෙට වැහි බින්දුවක් වැටුන වගේ ලස්සන වචන පේළියක් ලාවට වගේ ඇහුනා ඒ මොකද්ද කියනවා නම් “දැන් ගිහිල්ලා තව විනාඩි 20කින් එන්න“ මටත් මොකද ඉතින් දෙයියෝ ඇරියා වගේනේ. ඇයි යකෝ පාන්දර 7.30ට විතර බත් ඇටයක් දාගත්තට පස්සේ වතුර පොදක් වත් හම්බ උනා කියලැයි.

දැන් ඉතින් මොනහරි බඩට පටවගන්නත් එපැයි එහෙම කියල ගියා කියන්නේ Canteen එකට අනේ ඉතින් canteen කීවට අපට වැරදිලා ගිහින් තියෙන්නේ දිව්‍ය ලොකයටද කොහෙද, බලන බලන තැන ලස්සන සුරංගනාවියෝ වගේ කන්‍යවියෝ පිරිල, කන්‍යවියෝ කිවට ඇත්තටම එහෙමමද කියල හොයා ගන්න නම් බැරි උනා අපි දැනට එහෙම කියල හිතමුකෝ. මේව දිහා බල බල ඉද්දි බඩගින්නත් අමතක උනාට කොහොම හරි ඒක ආපහු මතක් කොරගෙන අතේ තිබ්බ බත් පාර්සලයත් 7ත් 8 දෙනෙක් එකතු වෙලා ඉවරයක් කරා කියමුකෝ. ඒකට ලොක්කා විනාඩි 20යි දෙන්නේ කීවට අපිට පැයක විතර පුංචි විවේකයක්ලු හම්බ උනේ. ඊටත් පස්සේ අවුරැදු ගානක් එකට හිටපු වාමනයෝ ටිකක් වගේ දොර ලගට වෙලා වගේ එලියට එන එල කිරි කෑලිටික දිහා කන්න වගේ කෙල හල හල බලන් ඉද්දී යම රඡ්ඡුරැවෝ කෑගහනවා වගේ බොසා කෑ ගහපිනම් “වේලාව ඉවරයි කියල“.

මොනා කරන්නද ඉස්සල්ලාම දවසනේ කෙලව ගන්නත් බෑනේ ආපහු කටයි @#යි අකුලන් අර හිටපු යම ලොකෙටම ගියා කියලයි කියන්නේ. කිරි අප්පට බල්ලෝ ඇරපි කව්වලු මෙන්න උදේ හිටපු නැති දේව දූතියකුත් අපේ ක්ලාස් එකේ මල රෙද්දයි මටත් මොකද මමත් බලෙන්ම වගේ ප්‍රමෝෂන් එකක් ඉල්ලගෙන පැන්නේ නැතැ බොසා ආසම පොලිමට (අන්තිම පොලිමට). හිකිස්........ පට්ට පොට් එක ආයේ මොකට කියනවද කවි, සිංදු, කතන්දර පිරැණ අමුතුම ලෝකයක්. බොසාගේ කතාව ඉස්සරහින් යද්දි අපිත් ඉතින් අලුත් කතන්දර ඉගෙන ගනිමින් අර අලුතෙන් ආපු දේව දූතියගේ හැඩ තල දිහා බලමින් ඉතිරි පැය 3ත් ගෙවල දැම්මලු.


හෙටත් මේ විදියටම අමාරැවෙන් ඉගෙන ගෙන අපේ බොසාගේ සුහච කීකරැ ගොලය වෙන්න ඕනි නිසා හෙටත් යන්නයි බලාපොරොත්තුව.

2 comments:

  1. ආ අය්යා අද YS 1ට ගිහින් වගේ ඇහ්.......?

    ReplyDelete
  2. ගියා නම් තමයි මල්ලී

    ReplyDelete