Friday, February 17, 2012

පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 3


ඉතින් යලුවනේ කොහොමද? ඔන්න අයෙත් කාලෙකින් "සටහන" පැත්තේ අවා පිස්සන් කො‍ටුවේ තව කතාවක් අරගෙන.

මුල් කතා කියපු නැති අය මෙතනින් ගිහින් එවත් කියවලා එන්න පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 1,
පිස්සන් කො‍ටුවේන් ඇහෙන කතා 2
ඔන්න දවසක් පිස්සන් කො‍ටුවෙන් බුවාලා දෙන්නෙක් කොහොමින් කොහොමින් හරි පැනගත්තලු... මුන් දෙන්නා පැනලා තියෙන්නේ මහ රෑ මැදලු..ඔහොම පැනලා මුන් දෙන්නා ටික දුරක් යනකොට මෝටර් සයිකල් එකක් නවත්තලා තිබුනා ලු.. මුන් කොහොම හරි මේකත් ස්ටාට් කරගෙන යනවලු..මුන් පිස්සන් කො‍ටුවේ හිටියට ඔය වාහන එහෙම පදින්නත් දන්නවලු... කොහොම කොහොම හරි මේකත් පැදගෙන ටික දුරක් යනකොට ඈතින් එලි දෙකක් පෙන්න ගත්තලු... පිටිපස්සේ හිටපු පොර බයිසිකලය පදින එකාට කිවාලු..."මචන් ඔන්න බයිසිකල් දෙකක් එනවා.වැඩ පෙන්නනත් එක්ක යමන් ඔය දෙක මැදින් දාලා." පදින එකත් "ඔවත් වැඩඩ ඔන්න බලපන්" කියලා අර එලි දෙක මැදින් බයිසිකල් එක දැම්මලු.දාපූ ගමන් දඩාස් ... සද්දයක් එක්ක මුන් දෙන්නා පැත්තකට විසි උනාලු..මුන් දෙන්නගේ වෙලාවට වැඩි තුවාල නැතිලු.හැබැයි පහුවෙනිදා උදේ බලනකොටලු දන්නේ අර එලි දෙක පත ලොරියක HEAD LIGHT කියලා.. ඔන්න ඔහොමයි සිද්ධ උනා කියන්නේ....

No comments:

Post a Comment