Wednesday, March 7, 2012

පීකිං


ඉතින් යහලුවනේ කොහොමද?
ඔන්න එහෙන් මෙහෙන් අහුලගත්ත කතාවකුත් අරගෙන අවා.
ලංකාවේ ඉන්න කට්ටිය පිටරටවල් වලට එහෙම යනවනේ.එහෙම ගිහින් ආපහු ලංකාවට ආවම ඒගොල්ලන් ඉතින් කතා කලොත් ඒ රටවල් අගේ කරලා අපේ රට පහලට දාලනේ කතාව.මේකත් අන්න එහෙම කතාවක් හොදේ.
ඔන්න මිනිහෙක් චීනයේ පීකිං නුවර ‍රැකියාවකට ගිහින් ආපහු ලංකාවට ඇවිත් තියෙනවා.ඉතින් මිනිහා මොන දේ කතා කලත් ඒ හැම එකකම හොදම එවා තියෙන්නේ පීකිං වල කියලමයි කියන්නේ.පාරක ගියත් "මේවා පාරවල්ද පීකිං වලනෙ පාරවල් තියෙන්නෙ" කියනවා.
වාහනයක් දැක්කත් එහෙමමයි.
ඔන්න මිනිහා පෝය දවසක රෑ ගෙදරට වෙලා ඉන්නවාලු. මිනිහාගේ තාත්තත් ගේ හිටියලු.ඔය දෙන්නා ඉන්න තැනට අහසේ හද පායලා අපූරුවට පේනවලු.
තාත්තා කිවලූ "අදනම් හද හරි ලස්සනයි නේද පුතේ" කියලා.
මිනිහා කියනවලූ"තාත්තේ මෙහෙටද හද පායන්නේ.පීකිං වලටනේ මරුවට හද පායන්නෙ " කියලා.
තත්තාට මුගේ පීකිං කතා අහල එපා වෙලලු හිටියේ.
මුගේ තාත්තට දැන් මල පැනලා "අනේ තොගේ මහලොකු පීකිං..." කියලා දුන්නලු හොද කනේ පාරක්.
ඉතින් මූ පීකිං පිස්සෙක්නේ.
මූ කියනව ලු"අනේ තාත්තේ ඔවත් කනේ පාරවල්ද? පීකිං වලනේ නියම කනේ පාරවල් තියෙන්නෙ" කියලා...
අනේ අනේ

"ගුවන් විදුලිය ඇසුරින්"

No comments:

Post a Comment