Wednesday, December 18, 2013

සැබෑ සහොදරත්වය දුටිමි

මේකත් ගොඩක් කල් ඉදන් ලියන්න හිටපු එකක් එත් එක එක හේතු නිසා කල් ගියා.
වැඩි කතා නැතිවම අපි කතාවට බහිමු.
ගොඩාක් අය දන්නවානේ කැම්පස් වල සහොදරත්වය ගැන ලොකුවට කතා කරනවා කියලා.ඒත් ඒක JVP වල සහොදරත්වය නෙවෙයිනේ.ඉතින් ඔය සහොදරත්වය ගැන පිටින් බලන අය දකින්නෙ නෑනේ.පිට ඉදන් ගොඩාක් අය දකින්නෙ නවක වදය , පාරවල් ගානේ කෑගහන ඒවා,පා ගමන් වගේ ඒවා විතරනේ.
ඒත් කැම්පස් ඇතුලේ තියන සැබෑම සහොදරත්වය ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.මේක කියන්න මුලින්ම හිතුනේ දැකපු සැබෑම සහොදරත්වයක් නිසයි.ඒ සිද්ධිය කිවාම තෙරෙයි හිතාගන්නවත් බැරි ඒ සහොදරත්වය ගැන.සිද්දිය මේකයි.මේ සරසවියට ආපු අලුත් කණ්ඩායමක සහොදරයෙකුට තිබුනා පොඩි රෝගී තත්වයක්.ඉතින් මේ කණ්ඩායම සරසවිය තුල මාස හතරක් පහක් ගිහිල්ලත් ඒ රෝගී තතවය ඒ විදිහටම තිබුනා.කවුරුවත් ඒකට විහිලු කලෙවත් හැල්ලු කලෙවත් නෑ.ඒ අතරෙ මෙ සරසවියෙ හිටපු ඉහලම කණ්ඩායමෙ(සරසවියට සමුදෙන්න මාසයක් විතර තිබුනු) සහොදරයින් කිහිපදෙනෙක් කතා කරල බැලුවා අර රෝගී තත්වය ගැන.එහෙම කතා කරලා මේ සහොදර වරු තීරණය කලා මේ රෝගී සහොදරයට ප්‍රතිකාර කරමු කියලා.ඒ ඉහල සහොදර වරුන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හොයාගෙන අර රෝගී සහොදරයාව බලෙන්ම වගෙ එක්කන් ගිහින් තමන්ගේ පෞද්ගලික මුදලින්ම අර රෝගී සහොදරයාට බෙහෙත් අරන් දීලා එතනින් නොනැවති ඒ බෙහෙත් බොනවද කියලා හොය බලලා ,ඒ රෝගි සහොදරයාගේ දෙමව්පියන්ටත් වෛද්‍යවරයා දුන් උපදෙස් කියලා දීලා පුදුම කැපකිරිමක් කලා.ඒත් දෙමව්පියන්ටවත් ඒ රෝගී සහොදරයාගේ රෝගි තත්වය ගැන තැකිමක් නෑ.ඒ තියෙද්දිත් තවත් වරක් අර වෛද්‍යවරයා ලඟට ගෙනගොස් ප්‍රතිකාර ලබා දීමට තරම් සහොදරත්වක් තිබුනා අර ඉහල සහොදරයින්ට.ඔය කාරණය ගැන ඇසුනාම තමයි මටත් හිතුනේ මෙන්න සැබෑවටම සහොදර කම කියලා.
තව ඉතින් ආරංචි වෙන කාරණා අනුවනම් සරසවිය තුල තියෙන සැබෑම සහොදරකම හිතාගන්න පුලුවන්. තමන්ගෙ සහොදරයෙක්ගෙ අසනීපයකදි, මලගෙදරකදි වගෙ කරදරයකදී ජ්‍යෙෂ්ඨත්වය කණිෂ්ඨත්වය නොසලකා උදව් උපකාර කිරිම් ගැන අහන්ට ලැබෙද්දිනම් එතන ඔය කියන සහොදරකම් තියනවා නේද කියලා හිතෙනවා.
ඒ සහෝදරකම් පිරි සහොදරයින්ට මගේ ආචාරය!

Sunday, October 27, 2013

අපිම වෙනස් වෙමු.

පොඩි දෙයක් ලියන්න හිතුනා කාලෙකට පස්සේ,,,,

මේ අදහස ගැන ලියන්න හිතිලා ගොඩක් දවස් වෙනවා.ඒත් ලියන්න ලැබුනේ දැන් තමයි.
මෙහෙමයි ඇත්තටම බලන්න මේ සමාජයේ බොහෝ දෙනා යම් යම් දෙවල් වලට විරුද්ධව හරි යම් යම් දේවල් ලබාගන්න හරි යම් යම් දේවල් කරනවා.ඉතින් ඔහොම ඉල්ලන දේවල් ගැන බැලුවොත් එක් පාර්ශවයක අයගෙන් සිදුවන වරදක් තමා මේ දේවල් වලට හේතුව.ඒ අය ඔය දේ මෙහෙම කලානම් හරි කියලා අනිත් පාර්ශවය හඩනගනවා.
ඇත්තටම කල්පනා කරලා බැලුවාම මේ කියන දේ හරි කියලා,සාධාරණයි කියලා අපිට හිතෙන්වා.ඒක ඇත්ත එත් බලන්න වැරද්ද කරන අයත් බොහෝ විට වැරද්දට එරෙහිව මීට කලින් හඩනගල මෙහෙම උනානම් හොදයි කියපු අයමයි.එතකොට මෙතන මොකක් හරි නොගැලපීමක් තියෙනව නේද?
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ...
වෙලා තියෙන දේ මටනම් පෙනෙන විදිහට මේ කතා කරන කිසිම කෙනෙක් ලඟ අඩුම තරමේ මනුස්ස ගුණදහම් වත් නැති එකයි.ඒ කියන්නෙ මේ හැමොම අතීතයේ ඉදන් එන දෙයක් අල්ලගෙන යනවා.කෑමොර දෙන කාලෙට එයාලම මේ මනුස්ස ගුණදහම් ගැන කතා කරනව.නමුත් ඒවා ඒ අයගේ ජිවිත වලට පුරුදු කරගෙන ,ජිවිතවලට බද්ධ කරගෙන නෑ.එහෙම ඒ ගුණදහම් පුරුදු කරගෙන,බද්ධ කරගෙන හිටියනම් මේ සමාජය කොතරම් සොදුරු තෙනක් වෙලා තියෙවිද?..
ඉතින් මම මේක ලියන්න හිතුවේ අපිත් අතිතයේ ඉදන් ආපු විදිහට කෑ මොර දෙමු.වැරද්ද පෙන්වා දිලා වැරද්ද හදාගන්න උදවු කරමු.ඒ ගමන් අපෙ ජිවිතය පුරාවටම ‍රැදෙන විදිහට අපි ගුණදහම් ඇතිකරගමු.
දැන් හිතලා බලන්න...අපි රජයේ කාර්‍යාලයකට ගියාම යන කෙනාට පහසුවෙන් අවශය වැඩ ටික සිද්ධ කරල දෙනවානම් කරුණාවෙන් කතා බහ කරල උදව් කරනවානම් ඒ ගියපු කෙනාට පහසුවක් නේද?ඒ වගේම අපිට පුලුවන්නම් තමන් වැඩ කරන තැන ඉන්න අනිත් කෙනා ඇවිත් නැත්තම් එයාගේ වැඩ කොටසත් අපිට පුලුවන් උපරිම විදිහට සිද්ධ කරල දෙන්න.ඒක මගින් වැරදෙන තැන් ගොඩක් අඩුවෙයි නේද.ඒ වගෙම ඒකමුතු කමින් සහයොගිමත්ව මනුස්සයෙක් විදිහට වැඩ කරනවානම් කොච්චර දෙයක්ද...මොකද ඔය කියන ගොඩක් විරෝධතා කරන අයම නේද හෙට ඒ ඉහල තැනට යන්නෙ.මං කිවේ එක දෙයක් ගැන විතරයි.හැම පැත්තටම මේක අදාලයි.
අපිට පුලුවන්නම් අද අපි ඒ ඉහල ඉන්න අය ගැන දකින විදිහටම අපි ඉහලට ගිය දවසක අනිත් අයත් ඉහල කෙනා ගැන හිතන්නෙ  කියන එක තෙරුම් ගන්න. මේ ගැටලු ගොඩක් අඩුවෙයි නේද......අපිම හිතමු.අපිම ගුණදහම් ඇතිකරගනිමු.අපිම සමාජය වෙනස් කරමු.මං මේ දකින විදිහ කිවේ.මේක වැරදි ඇති. වැ‍රැද්දක් තියෙනවනම් කියන්න.අපි වැරදි හදාගනිමු.අපිම වෙනස් වෙමු.

Thursday, August 15, 2013

කියක් හරි හොයා ගමුද මාසේ අදායමට ......

ඔයාලා කැමතිද දවසකට $ 10ක් වැටහෙන්න කිව්වොත් රුපියල් 1300ක් විතර විනාඩි 5ක් - 10ක් වගේ ඇතුලත හොයා ගන්න? අද කාලේ ඒක ලොකු දෙයක් ‍නේද? අපිට මේ $10 ලොකු ගානක් උනාට අපිට මේ චාන්ස් එක දෙන site එකට නම් ඒක පොඩි ගානක්. මොකද අපිට $10ක් දෙද්දි එයාලා $100ක් විතර උපයලා. ඒත් අපිට මොකද? වැඩි මහන්සියක් නැතුව අපිටත් රුපියල් 1300ක් විතර ලැබිලනේ.

හරි සීන් එක මෙහෙමයි කරන්න ඕන.මුලින්ම කියන්න ඕන බයක් සැකයක් තියා ගන්න එපා කියලා.කොහෙමත් ළග තියෙන දෙයක් නැති වෙන්නෙ නැති නිසා බයක් මොකටද? $1000ක් එකතු උනාට පස්සෙ සල්ලිත් එවන නිසා සැකයකුත් නෑ. ඒ කිව්වේ මාස 3කින් $1000, රුපියල් නම් 130,000ක් විතර ඔයාගේ අතේ. ඒක කියවද්දිත් හිතට අමුතු ආසාවක් එනවා නේද? 



මේකෙත් ඇවිත් adds click කරන්න තමයි තියෙන්නෙ. වැඩිය data use වෙන්නෙත් නැහැ. දවසකටම යන්නෙ 6 MB වගේ පොඩි ගානක්.ඔයාලත් මූණු පොතේ ඉන්න ගමන් විනාඩි 5ක් වැය කරලා බලන්නකො මේකට.ඔයාලට අනිවා දවසකට රුපියල් 1300ක් අවමයෙන් හොයා ගන්න පුළුවන්.
ඒකට පහළ දාලා තියෙන link එකෙන් ගිහින් register වෙන්න.ඒකටත් විනාඩි 2ක් වත් යන්නේ නැහැ.පොඩි වැඩක් තියෙන්නෙ.මේ link එකෙන්ම register වෙන්න.ඒක ඔයාලටත් හොදයි.මටත් හොදයි.නිකන් register වෙන්නෙ නැතුව මේ ලින්ක් එකෙන් ගියාම adds වැඩි ගණනක් ලැබෙනවා.මොකද ඔයාලා register වෙන්නේ මගේ යාළුවෙක් විදියට නිසා ඒ link එකෙන් ගියාම.එතකොට තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ adds වැඩි ගණනක් ලැබෙන්නේ. Register උනාට පස්සේ user name & password එක දීලා ලොග් වෙන්න.

දැන් තමයි සල්ලි හොයන්න පටන් ගන්න තියෙන්නෙ. ලොග් උනාට පස්සේ වම් පැත්තෙ මැද හරියට වෙන්න තියෙන
Get paid to click කියන එක click කළාට පස්සේ adds දෙනවා. ඒ දෙන adds click කරලා තත්පර 30ක් හෝ තත්පර 60ක් ඉන්න වෙනවා බලාගෙන.කොච්චර වෙලා ඉන්න ඕනද කියලා add එක click කරන තැනම තියෙනවා වාගේම add එක click කළාට පස්සේ වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙ‍වී යනවා. add එකක් click කරලා ඒ කියන තත්පර ගාන ඉවසලා ඉන්න add එක open එකේ තියා ගෙන.මම කිව්වේ අර වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙ‍වී යනවා කියලා.එතන තත්පර ගාන 0 උනාට පස්සේ ඉලක්කමක් පෙන්නනව.ඊටම ටිකක් දකුණු අත පැත්තට වෙන්න තව ඉලක්කම් 4ක් පෙන්නනවා.මුලින් කිව්ව ඉලක්කමට සමාන ඉලක්කම දැන් කිව්ව ඉලක්කම් 4න් හරියටම තෝරලා click කරන්න. වැඩේ වැරදුනොත් නම් ඒ add එකේ සල්ලි ටික නැති වෙන නිසා පරිස්සමට හොදද.එහෙම දවසින් දවස ඔයා adds click කරලා හම්බ කරලා තියෙන ඩොලර් ගණන වගේ සියළුම ඔයාගේ account එක සම්බන්ද මුදල් ගැන තොරතුරු බලාගන්න පුළුවන් ක්ෂණිකවම status click කරලා.

ඒ වගේම තව දෙයක් තියෙනවා වැදගත්.නැත්නම් අපේ අය ඒකත් අවුලක් කර ගනීවි.මොකද මේ නමින්ම සල්ලි දෙන්නෙ නැති site එකක් තියෙනවා අන්තිමට .com වලින් ඉවර වෙන.ඒත් මේ site එක ඉවර වෙන්නේ .org වලින් කියලා මතක තියා ගන්න.ඒක කිව්වේ වංචා සහගත site වලට අහු නොවී ඔයාලා කරන දේ කිසිම සැකයකින් තොරව කරන්න ඕන නිසා.බය නැතිව වැඩේ කරන්න.මොකද හරියට වැඩේ කළොත් ඔයාල ගොඩ.මාස 3න් අනිවා රුපියල් 130,000ක් අඩුම තරමින් අතේ. මොකක් හරි නස්පුට් එකක් උනොත් කොමෙන්ටුවක් දාන්න.මමත් දන්න දෙයක් නම් අනිවා උදව්වක් කරන්නම්.මෙන්න link එක. දැන් එහෙනම් තව හිත හිත ඉන්නෙ නැතුව register වෙලා වැඩේ පටන් ගන්න. සුභපතනවා හැමෝටම!!

http://www.twodollarclick.org/index.php?ref=sahanvck
(FB මිතුරෙකුගේ උපකාරයෙන් සොයා ගන්න ලදී....)

Saturday, April 13, 2013

අපේ සිංහල ජාතිය විනාශ වෙනවාද? විනාශ කරලද?


කාලෙකට පස්සේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක සටහනට ලියන්න ඕනි කියලා හිත හිත හිටපු දෙයක් ලියලා යන්න ආවා.කට්ටියම(ඒ කිවේ අපේ සිංහල බෞද්ධයෝ ) දැන් ලක ලැස්තී වෙනවා නේද කාලිංග මාඝ සිංහල ජාතිය විනාශ කරපු දිනය සමරන්න .කමක් නෑ ඉතින් ඒක ඉතින් කාගේ කාගෙත් දැනිම විශ්වාසයනේ නේද?

ඕක ගැන කලින් මම ලියලා තියනවනේ.මන් මේ කියන්නම් කියලා ආවේ ඕක ගැන නෙවෙයි.අපේ සිංහල ජාතිය විනාශ වෙනවා.විනාශ කරලා දානවා කියලා කට්ටිය දැන් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවනේ.ඉතින් ඒ දේවල් දකිද්දි මට මේ දේ කියන්න ඕනි කියලා හිතුනත් නිදහස් වෙලාවක් ලැබුනේ අද තමයි.
ඕය කියන කතාව ඇත්ත.මොකද්ද අපේ සිංහල ජාතිය විනාශ වේගෙන යනව කියන කාරණය.විනාශ කරනවා කියන එකත් හරි.හැබැයි ඒක කරන්නේ අනිත් ජාතීන් කියන කතාවටනම් මම එකග නෑ.මොකද අපේ විනාශය කරගන්නෙ අපිමයි.මේ සිංහල ජාතිය කියන්නෙ බුදුදහම ‍රැක ගත්ත ‍රැක ගන්න ඉන්න ජාතිය.ඒ සිංහල කම ‍රැකුනේ බෞද්ධ කමත් එක්ක.අපේ අතින් බෞද්ධ කම ගිලිහුනේ අතහැරුනේ යම් දවසකද අන්න එදා ඉදන් අපේ විනශය පටන් ගත්තා.මීට කලිනුත් ඒ වගේ වේගෙන එද්දි කිතුනුවෙක් විදිහට ඉපදිලා බුදුදහම වෙත ආපු අනගාරික ධර්මපාල තුමා පෙරට ඇවිත් හොදාපාලුව වහන්ට වැටියක් ගැහුවා.ඒත් ටික කාලෙකින් අයෙම විනාශ වෙන්න පටන් ගත්තා.ඒක උනේ අපේ අයගේම දුර්වල කම් නිසා මිසක් වෙන අයගේ වැරදි නිසා නෙවේ.අපේ කට්ටිය අපේ අයටම ඉර්සියා කරන්න ගත්තා.එකාට එකා නැති තැනට වැ‍ටුනා.එකෙක් ඉනිමගේ නගිද්දි අනිත් උන් කකුලෙන් අදින්න ගත්තා.ආයේ ඒ මිනිහට නැගිටගන්න බැරිවෙන්න වැඩ කරනවා.ඔන්න අපෙ උන් විනාශ වෙනවා.
අනික අපේ මිනිස්සු දන්නේ නෑ වෙලදාමක් කරන්න.උවමනාවක් නෑ.සිංහල කඩෙකටයි මුස්ලිම් කඩෙකටයි ගිහින් මැදහත්ව බලන ඕනි කෙනෙකුට මේක තෙරෙනවා.අපේ මිනිස්සු මොනවා හරි ගන්න ආපු එකා බල්ලෙක් ගානට දාද්දි මුස්ලිම් වෙලෙන්දා දෙවියන් වගේ සලකලා බිස්නස් එක කරගන්නවා.ඉතින් වෙලදාමේ ආදිපත්‍ය වෙන අය ලගට යනවා.බුදුරජාණන් වහන්සේ අපේ දියුණුවට දේශනා කරපු සප්ත අපරිහානිය ධර්මයන් පිලිපදින්නෙ සිංහල බෞද්ධයන්ද නැත්තම් මුස්ලිම් අයද කියන එක මැදහත්ව බැලුවොත් තෙරෙනවා.
අපේ අය කියනවා සිංහලුන් වදවෙනවා මුස්ලිම් අය වැඩිවෙනවා කියලා.ඒකට හෙතුව මොකද්ද.අපේ අය එක දරුවයි නැත්තම දෙකයි හදලා අනේ කොහොම මුන්ට කන්න බොන්න දෙන්නද කිය කිය හුල්ල හුල්ල හැන්දෑවට හැන්දෑවට කැම නැති උනත් මත් වතුර ටික බොනවා.දවසට සිගරට් කියක් පුච්චනවද? එත් මුස්ලිම් අය අමාරුවෙන් හරි දරුවෝ පහක් දහයක් හදලා කොහොම හරි ලොකු කරගන්නව.එක වේලක් හරි කන්න දිලා හදාගන්නවා.වැරද්ද අපේද උන්ගෙද?
මේ දේවල දැක දැක අපි කාට්වත් බැන බැන ඉදලා හරියන්නේ නෑ.මුලින්ම අපි කරන්න ඕනි දේ තමයිඅපි අයෙමත් බුදුදහම අනුව බලවත් වෙලා බලයක් හදගන්න එක.ඒක ආයුධ අරන් කාටවත් ගහලා කරන දේයක් නෙවේ.අපි පංච බලයන් ඇතිකරගන්න ඕනි.හිරි ඔතප් වලින් බලවත් වෙන්න ඕනි.අපිම ස්වාධින වෙන්න ඕනි.අයෙම අපි සප්ත අපරිහානිය ධර්ම ඇතිකරගන්න ඕනි.මිනිස් ගුණ දහම් වලින් සන්නද්ධ වෙන්න ඕනි.වෙලදාම කරන අය එන මිනිස්සුන්ට හොදින් කතා කරලා ඒ අයගේ බිස්නස් කරන්න ඕනි.ඒ නැතිව ගහලා වැඩක් නෑ.අනගාරික ධර්මපාල තුමා එදා ගහගත්තේ නෑ.කර්කශ වාග් ප්‍රහාර එල්ල කලා විතරයි(වචනයෙන් චොදනා කලා).
ඊලග දේ තමයි අපේ පවුල් වල අතිතයට ගිහින් බලන්න.අපෙ සීයලා අච්චිලා කාලේ බොහොම අමරුවෙන් එක වේලක් කාලා හරි දරුවෝ පහක් දහයක් හදලා නැද්ද බලන්න.ඒක ඒ අයගෙන් අහන්න.ඒ අය කියයි විදපු දුක් ගැන දරුවෝ හදන්න.ඒ උනාට ඒ අමාරුවෙන් හරි දරුවෝ හදලා ගුණ දහම් වලින් යුතු වෙලා හිටපු නිසා  අද වෙනකන් හරි අපේ කම ‍රැකගෙන සිංහල ජාතිය බේරගත්තේ.ඒ නිසා අදත් ඔය අපෙ කස්ටිය සල්ලි පස්සෙ දුවන් නැතිව එක්කෝ සසුනට  යන්න ඕනි.නැත්තම් සිංහල ජාතිය බොකරන්න ඕනි.
මම මෙක ලිවේ කාටවත් රිදවන්න,චොදනා කරන්න නෙවේ.මේ අදහසට එකග අය එහෙමයි.නැතිව බැන්නත් කමක් නෑ.මැදහත්ව විමසලා බලන්න.එහෙනම් මම යනවා.තෙරුවන් සරණයි!