Friday, May 18, 2012

රණ විරුවන් හැමදා එක සේ

වසර තුනකට පෙර අද වාගේ දින
මතකෙට නැගේ අද ඉයේ වාගේ මට
රට තුල මහ සැණකෙලි තිබුන යුර
ටික ටික මැවේ ඒ දිනයේ සිද්ධි ගැන


රට ‍රැකි කොල්ලන් එදා රණ විරුවන් ලෙස
පමණක් නොවේ මුර දෙවියන් ලෙස රටට
හදුනා දෙමින් තම මදි තර කරගත්ත
උතුමන් වෙසේ අදටත් ඒ අතරින්න


එදවස සිටිය විරුවන් අතරින්න
මහ විරුවාගේ නම මකමින්න
කට්යුතු සිද්ධ වුන යුරු මතකින්න
ලියවන්නේ අදහසකි සිත තුල තිබුන


එදවස උන්නු විරුවන් ගැන මතක් වෙන්න
දිනයක් ඕනේ අපේ රට ඇත්තන් හට ඔන්න
එනමුදු දු‍ටු දෙයක් අද දින යන විට මගක
සිත පෑරුනා විරුවන් ගැන සිතමින්න


ඒ දු‍ටු දෙය නිසයි මා මේ ලියන්නේ
විරුවෙක් උන්නා මහ මග නිල ඇදුමින්නේ
පොතකුත් තියාගෙන මහ මග ඉදිමින්නේ
මිනිසුන්ගෙන් එය මිලදි ගන්නා ලෙස අයදින්නේ 


මෙය නොවටිනා දෙයක් බව සිතුනා
ඔවුනගේ අභිමානය වැටෙනා බව හැගුනා
අප මෙය ගැන සිතිය යුතැයි සිතුනා
ඒ ගැන විමසන්න මේ බව ලියවුවා


රණ විරුවන් හැමදා එක සේ දැකලා
අපි ගරු කල යුතුයි හැම දින සිතලා
ඔවුනගේ අභිමානය එලෙසම තියලා
හැමදා සිහිකරමු දිනකට සීමා නොවිලා


No comments:

Post a Comment