Sunday, October 27, 2013

අපිම වෙනස් වෙමු.

පොඩි දෙයක් ලියන්න හිතුනා කාලෙකට පස්සේ,,,,

මේ අදහස ගැන ලියන්න හිතිලා ගොඩක් දවස් වෙනවා.ඒත් ලියන්න ලැබුනේ දැන් තමයි.
මෙහෙමයි ඇත්තටම බලන්න මේ සමාජයේ බොහෝ දෙනා යම් යම් දෙවල් වලට විරුද්ධව හරි යම් යම් දේවල් ලබාගන්න හරි යම් යම් දේවල් කරනවා.ඉතින් ඔහොම ඉල්ලන දේවල් ගැන බැලුවොත් එක් පාර්ශවයක අයගෙන් සිදුවන වරදක් තමා මේ දේවල් වලට හේතුව.ඒ අය ඔය දේ මෙහෙම කලානම් හරි කියලා අනිත් පාර්ශවය හඩනගනවා.
ඇත්තටම කල්පනා කරලා බැලුවාම මේ කියන දේ හරි කියලා,සාධාරණයි කියලා අපිට හිතෙන්වා.ඒක ඇත්ත එත් බලන්න වැරද්ද කරන අයත් බොහෝ විට වැරද්දට එරෙහිව මීට කලින් හඩනගල මෙහෙම උනානම් හොදයි කියපු අයමයි.එතකොට මෙතන මොකක් හරි නොගැලපීමක් තියෙනව නේද?
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ...
වෙලා තියෙන දේ මටනම් පෙනෙන විදිහට මේ කතා කරන කිසිම කෙනෙක් ලඟ අඩුම තරමේ මනුස්ස ගුණදහම් වත් නැති එකයි.ඒ කියන්නෙ මේ හැමොම අතීතයේ ඉදන් එන දෙයක් අල්ලගෙන යනවා.කෑමොර දෙන කාලෙට එයාලම මේ මනුස්ස ගුණදහම් ගැන කතා කරනව.නමුත් ඒවා ඒ අයගේ ජිවිත වලට පුරුදු කරගෙන ,ජිවිතවලට බද්ධ කරගෙන නෑ.එහෙම ඒ ගුණදහම් පුරුදු කරගෙන,බද්ධ කරගෙන හිටියනම් මේ සමාජය කොතරම් සොදුරු තෙනක් වෙලා තියෙවිද?..
ඉතින් මම මේක ලියන්න හිතුවේ අපිත් අතිතයේ ඉදන් ආපු විදිහට කෑ මොර දෙමු.වැරද්ද පෙන්වා දිලා වැරද්ද හදාගන්න උදවු කරමු.ඒ ගමන් අපෙ ජිවිතය පුරාවටම ‍රැදෙන විදිහට අපි ගුණදහම් ඇතිකරගමු.
දැන් හිතලා බලන්න...අපි රජයේ කාර්‍යාලයකට ගියාම යන කෙනාට පහසුවෙන් අවශය වැඩ ටික සිද්ධ කරල දෙනවානම් කරුණාවෙන් කතා බහ කරල උදව් කරනවානම් ඒ ගියපු කෙනාට පහසුවක් නේද?ඒ වගේම අපිට පුලුවන්නම් තමන් වැඩ කරන තැන ඉන්න අනිත් කෙනා ඇවිත් නැත්තම් එයාගේ වැඩ කොටසත් අපිට පුලුවන් උපරිම විදිහට සිද්ධ කරල දෙන්න.ඒක මගින් වැරදෙන තැන් ගොඩක් අඩුවෙයි නේද.ඒ වගෙම ඒකමුතු කමින් සහයොගිමත්ව මනුස්සයෙක් විදිහට වැඩ කරනවානම් කොච්චර දෙයක්ද...මොකද ඔය කියන ගොඩක් විරෝධතා කරන අයම නේද හෙට ඒ ඉහල තැනට යන්නෙ.මං කිවේ එක දෙයක් ගැන විතරයි.හැම පැත්තටම මේක අදාලයි.
අපිට පුලුවන්නම් අද අපි ඒ ඉහල ඉන්න අය ගැන දකින විදිහටම අපි ඉහලට ගිය දවසක අනිත් අයත් ඉහල කෙනා ගැන හිතන්නෙ  කියන එක තෙරුම් ගන්න. මේ ගැටලු ගොඩක් අඩුවෙයි නේද......අපිම හිතමු.අපිම ගුණදහම් ඇතිකරගනිමු.අපිම සමාජය වෙනස් කරමු.මං මේ දකින විදිහ කිවේ.මේක වැරදි ඇති. වැ‍රැද්දක් තියෙනවනම් කියන්න.අපි වැරදි හදාගනිමු.අපිම වෙනස් වෙමු.