Monday, April 9, 2012

සෙනෙහසින් කල දාසකම්....


මුළු හදින් ඔබට පෙම් කළ
සෙනෙහසේ දාසයා මම විය
රිදවන්න නුබ සිහනයෙන්වත්
නොසිතුවා මම සත්‍යක්මැයි

නුඹේ සැම දුක් මගේමැයි අද
සක්විතිව නුඹ කිරුළු ලන්නට
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය

නුඹේ නෙතු මත කදුලු බිදුවක්
මතුව එන්නට එපා කිසි දින
කදුළු මටදී හිනහෙන්න නුඹ
සෙනෙහසින් නුඹම සැනසු
සෙනෙහසේ දාසයා මම විය


සියුමැලිය ඔබ රොස පෙති මෙන්
මුදු මොලොක් විය පුළුන් රොද මෙන්
අහිංසකාවිය සිගිතියැක්මැයි
මුළු හදින් නුඹට පෙම් කල
සෙනෙහසේ දාසයා මම විය


එබී දෑසට සෑම දිනාකම
දකින්නට අවැසිය ලස්සනම ලොව
දකින්නට ඒ ,නුඹ උවැසි ලොව
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


කනට කොදුරා නුඹ කිවූ දින
වයන් සත්සර මා කනට කර
නුඹ නමින් සත්සර වැයු
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය

ඉතින් නොමැතිද විදින්නට මා හට
සුවද විහිදෙන ඒ මියුරු ලොව
නොකියනා ලෙස නුඹට කිසි දින
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


මිහිරි රස පිරි රස මසවුලු
නුඹට කවමින් නුඹව සැනසූ
නුඹට පෙම් කල
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


සතපවා නුඹ සිනිදු සයනේ
සැනසුවා ඒ මිහිරි පහසින්
නුඹ කිවූ ලෙස නුඹ නමින්
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


දුක් නොවන ලෙස නුඹේ ලෝකය
නුඹේ සිනහව දකින්නට මම
මෙතෙකයිද කල දාසකම්
සෙනෙහසින් දාසකම් කල
සෙනෙහසේ දාසයා මම විය


ඔබට පෙම් කල මා ලැබූ දෙය
සතර අගතිය පෙනේ හැම දෙස
අහෝ මා ප්‍රෙමයෙන් කල දාසකම්
මගේ සිතයැයි කියු නුඹ
මා තුලම ඉද මටම කල සතුරුකම්......

Saturday, April 7, 2012

මොකද්ද මේ අවුරුද්ද ?

අපේ කට්ටියගේ අවුරුදු කෙලියට දවස් ලං වීගෙන එද්දි මට මෙන්න මෙහෙම සටහනක් තියන්න හිතුනා.ඒ ඔන්න ඔය ජයට සමරන්න යන අවුරුදු සැණකෙළිය ගැන.
මේක ලියන්නේ කාටවත් තරහාටවත් කාගෙවත් සතුට නැති කරන්නවත් නෙවේ.
මේක කියන්න හිතුවේ සිංහල අපේ කට්ටියට මේ සැණකෙළිය ගැන ඇත්ත දැනගන්න ඕන නිසාමයි.
ඉතින් වැඩි කතා නැතිව කියන්න ආපු කාරණය කියන්නම්කෝ.
ඇත්තටම මේ සිංහල දෙමල අලුත් අවුරුද්ද කියන එක කොහොමද මෙහෙට ඒ කියන්නේ අපේ රටට ආවේ ? කොහෙන්ද ආවේ ?
ඇත්තටම මේ ගැන කියෙන් කී දෙනාද දන්නේ.
මේ මහා සැණකෙළිය සිංහල අපිට කොහෙත්ම සම්බන්ධයක් නෑ. මොකද ඇත්තටම මේක හින්දු අයගේ උත්සවයක්.ඒ අය කරපු මේ නැකත් කෙලිය අපේ ලංකා භූමියට ආවේ දකුණු ඉන්දියවේන්.ඒ ආවේ හැමොම අහලා ඇතිනේ ලක් ඉතිහාසයේ මහා විනාශකාරී යුගයක් ගැන .ඒ තමා පොළොන්නරු රාජධානී යුගයේ කාලිංග මාඝ කියලා කෙනෙක් ගැන.අන්න එයා තමා ලංකාවට මේ නැකත් කෙලිය අරන් ආවේ.එයා ඇවිත් සදකඬපහනින් ගව රූපය අයින් කලා.වෙහෙර විහාර විනාශ කළා.ඉන් පස්සේ ලංකාවේ හැමෝටම මේ නැකත් කෙලිය හුරුකලා.ඉතින් ඒ තෑග්ග තමා තාමත් අපි හිසේ තියගෙන දගලන්නේ.පෙනවානේ මේ දවස් වල කට්ටිය නගර වල සාප්පු ගානේ පොර කන අපූරුව.
මමනම් පෞද්ගලිකව මේ කාලේ එනකොට හරි බයයි.මොකෝ මිනිස්සු මත්පැන් වලින් නාගෙන ගහා මරා ගන්න පටන් ගන්නවනේ.අනික කොහෙවත් යන්න බෑ සෙනග පිරිලා.හැබැයි මම කැමති දෙයක් තියෙනවා.ඒ තමා හැමොටම සතියක හරි නිවාඩුවක් හම්බවෙනවනේ.



ඉතින් අවුරුද්ද ආපු හැටිත්,අපිට වැදගත් නැති එකත් ගැන කිවා වගේම කියන්න එපැයි අපිට වැදගත් අවුරුද්ද නැත්තම් සමරන්ට වටින දේ ගැනත්.



ඒකත් හේතු ඇතිවම කියන්නම්.සිංහල බෞද්ධ අපිට එන අවුරුද්ද තමා වෙසක් පෝය දවස.ඒක බෞද්ධ අපිටනම් සිදුහත් කුමරුන් උපත ලැබීම, ගෞතම බුදු සමිදුන් බුදු බව ලබාගැනීම සහ ගෞතම බුදු සමිදු පිරිනිවන් පෑම කියන උතුම් තෙමගුල නිසා වැදගත්.






එතකොට සිංහලයන්ට කොහොමද ඒ දවස වැදගත් වෙන්නේ.
අපි දන්නවානේ ලක්දිවට ආපු විජය රජු ගැන.ඒ විජය රජතුමාගේ ලංකාගමනය සිද්ධ වුනේ වෙසක් පෝය දවසෙමයි.ඒ කියන්නෙ අපේ සිංහල ජාතියේ ආරම්භය වෙන්නෙ වෙසක් පෝය දවසෙයි.ඉතින් මේ විදිහට බලපුවාම අපේ උත්සව දවස වන්නේ වෙසක් පොහොය දිනයි.ඒ දවස අපිට මත්පැනින් තොරව සිල්වත්ව සතුටින් සමරන්න පුලුවන් නේද?
ඔන්න ඔය කාරණය සටහන් කරන්න තමා මම ආවේ.මම හිතනවා  මේ ගැන කාගෙවත් හිත් අමනාපයක් ඇති නොවෙවා කියලා.හැබැයි කෙනෙක් හරි ඇත්ත දැනගත්තනම් ඒක හොදටම ඇති.නමුත් අවුරුදු දවසෙත් අපි සතු‍ටු වෙමු.ගිනිකෙලි,මත්පැන් ලංකර ගන්නේ නැතිව.එහෙනම් හැමොටම සුබ පතලා මම යනවා.මේක කියවලා යන ගමන් Comment එකකුත් දාලා යන්න.

Sunday, March 25, 2012

මගේ යාලුවනේ......!!!!!!!

මගේ යාලුවනේ......!!!!!!!


හේතුවක් නැතුවත් හිනා වෙන්න කියලා දුන්නා......

දුකේදි උනත් තමන් තනිවෙලා නෑ කියලා පෙන්නලා දුන්නා.......

සල්ලි නැතත් කැන්ටින් එකෙන් කන විදිය කියලා දුන්නා...........

එක බත් පාර්සලේ දහ දෙනක් උනත් බෙදාගෙන කන්න පුලුවන් කියලා දුන්නා........

පාඩම් කරන්නේ නැතුව විභාග පාස් වෙන විදිය කියලා දුන්නා......

කොපි කරලා අහු උනාම බේරෙන විදිය කියලා දුන්නා.........

ඒත් එක දෙයක් කියලා දෙන්න එයාලට අමතක උනා........

එයාල නැතුව තනියම ජීවත් වෙන විදිය එයාලට කියලා දෙන්න අමතක උනා........ 

Thursday, March 22, 2012

පුලුවන්නම් කියමු බලන්න

ඔන්න මල් පැල 10ක් තියෙනවා.ඒ මල් පැල ටික පාත්ති 5ක හිටවන්න ඕනි.හැබැයි හැම පාත්තියකම මල් පැල 4ක් තියෙන්නත් ඕනි.කියමු බලන්න කොහොමද හිටවන්නේ කියලා.

Wednesday, March 7, 2012

පීකිං


ඉතින් යහලුවනේ කොහොමද?
ඔන්න එහෙන් මෙහෙන් අහුලගත්ත කතාවකුත් අරගෙන අවා.
ලංකාවේ ඉන්න කට්ටිය පිටරටවල් වලට එහෙම යනවනේ.එහෙම ගිහින් ආපහු ලංකාවට ආවම ඒගොල්ලන් ඉතින් කතා කලොත් ඒ රටවල් අගේ කරලා අපේ රට පහලට දාලනේ කතාව.මේකත් අන්න එහෙම කතාවක් හොදේ.
ඔන්න මිනිහෙක් චීනයේ පීකිං නුවර ‍රැකියාවකට ගිහින් ආපහු ලංකාවට ඇවිත් තියෙනවා.ඉතින් මිනිහා මොන දේ කතා කලත් ඒ හැම එකකම හොදම එවා තියෙන්නේ පීකිං වල කියලමයි කියන්නේ.පාරක ගියත් "මේවා පාරවල්ද පීකිං වලනෙ පාරවල් තියෙන්නෙ" කියනවා.
වාහනයක් දැක්කත් එහෙමමයි.
ඔන්න මිනිහා පෝය දවසක රෑ ගෙදරට වෙලා ඉන්නවාලු. මිනිහාගේ තාත්තත් ගේ හිටියලු.ඔය දෙන්නා ඉන්න තැනට අහසේ හද පායලා අපූරුවට පේනවලු.
තාත්තා කිවලූ "අදනම් හද හරි ලස්සනයි නේද පුතේ" කියලා.
මිනිහා කියනවලූ"තාත්තේ මෙහෙටද හද පායන්නේ.පීකිං වලටනේ මරුවට හද පායන්නෙ " කියලා.
තත්තාට මුගේ පීකිං කතා අහල එපා වෙලලු හිටියේ.
මුගේ තාත්තට දැන් මල පැනලා "අනේ තොගේ මහලොකු පීකිං..." කියලා දුන්නලු හොද කනේ පාරක්.
ඉතින් මූ පීකිං පිස්සෙක්නේ.
මූ කියනව ලු"අනේ තාත්තේ ඔවත් කනේ පාරවල්ද? පීකිං වලනේ නියම කනේ පාරවල් තියෙන්නෙ" කියලා...
අනේ අනේ

"ගුවන් විදුලිය ඇසුරින්"