Wednesday, December 18, 2013

සැබෑ සහොදරත්වය දුටිමි

මේකත් ගොඩක් කල් ඉදන් ලියන්න හිටපු එකක් එත් එක එක හේතු නිසා කල් ගියා.
වැඩි කතා නැතිවම අපි කතාවට බහිමු.
ගොඩාක් අය දන්නවානේ කැම්පස් වල සහොදරත්වය ගැන ලොකුවට කතා කරනවා කියලා.ඒත් ඒක JVP වල සහොදරත්වය නෙවෙයිනේ.ඉතින් ඔය සහොදරත්වය ගැන පිටින් බලන අය දකින්නෙ නෑනේ.පිට ඉදන් ගොඩාක් අය දකින්නෙ නවක වදය , පාරවල් ගානේ කෑගහන ඒවා,පා ගමන් වගේ ඒවා විතරනේ.
ඒත් කැම්පස් ඇතුලේ තියන සැබෑම සහොදරත්වය ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.මේක කියන්න මුලින්ම හිතුනේ දැකපු සැබෑම සහොදරත්වයක් නිසයි.ඒ සිද්ධිය කිවාම තෙරෙයි හිතාගන්නවත් බැරි ඒ සහොදරත්වය ගැන.සිද්දිය මේකයි.මේ සරසවියට ආපු අලුත් කණ්ඩායමක සහොදරයෙකුට තිබුනා පොඩි රෝගී තත්වයක්.ඉතින් මේ කණ්ඩායම සරසවිය තුල මාස හතරක් පහක් ගිහිල්ලත් ඒ රෝගී තතවය ඒ විදිහටම තිබුනා.කවුරුවත් ඒකට විහිලු කලෙවත් හැල්ලු කලෙවත් නෑ.ඒ අතරෙ මෙ සරසවියෙ හිටපු ඉහලම කණ්ඩායමෙ(සරසවියට සමුදෙන්න මාසයක් විතර තිබුනු) සහොදරයින් කිහිපදෙනෙක් කතා කරල බැලුවා අර රෝගී තත්වය ගැන.එහෙම කතා කරලා මේ සහොදර වරු තීරණය කලා මේ රෝගී සහොදරයට ප්‍රතිකාර කරමු කියලා.ඒ ඉහල සහොදර වරුන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හොයාගෙන අර රෝගී සහොදරයාව බලෙන්ම වගෙ එක්කන් ගිහින් තමන්ගේ පෞද්ගලික මුදලින්ම අර රෝගී සහොදරයාට බෙහෙත් අරන් දීලා එතනින් නොනැවති ඒ බෙහෙත් බොනවද කියලා හොය බලලා ,ඒ රෝගි සහොදරයාගේ දෙමව්පියන්ටත් වෛද්‍යවරයා දුන් උපදෙස් කියලා දීලා පුදුම කැපකිරිමක් කලා.ඒත් දෙමව්පියන්ටවත් ඒ රෝගී සහොදරයාගේ රෝගි තත්වය ගැන තැකිමක් නෑ.ඒ තියෙද්දිත් තවත් වරක් අර වෛද්‍යවරයා ලඟට ගෙනගොස් ප්‍රතිකාර ලබා දීමට තරම් සහොදරත්වක් තිබුනා අර ඉහල සහොදරයින්ට.ඔය කාරණය ගැන ඇසුනාම තමයි මටත් හිතුනේ මෙන්න සැබෑවටම සහොදර කම කියලා.
තව ඉතින් ආරංචි වෙන කාරණා අනුවනම් සරසවිය තුල තියෙන සැබෑම සහොදරකම හිතාගන්න පුලුවන්. තමන්ගෙ සහොදරයෙක්ගෙ අසනීපයකදි, මලගෙදරකදි වගෙ කරදරයකදී ජ්‍යෙෂ්ඨත්වය කණිෂ්ඨත්වය නොසලකා උදව් උපකාර කිරිම් ගැන අහන්ට ලැබෙද්දිනම් එතන ඔය කියන සහොදරකම් තියනවා නේද කියලා හිතෙනවා.
ඒ සහෝදරකම් පිරි සහොදරයින්ට මගේ ආචාරය!

No comments:

Post a Comment