හොදයි කොහොමද ඉතින් කස්ටිය? සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උන එකේ අද ඇවිල්ලා මොකක් හරි කුණු හරැපයක් ලියල යන්න ඕනි කියල හිතුනා.
මොනා ලියන්නද කියල හිතා ගන්න බෑ ඒත් මොකක් හරි ලියමු නේ?
මෙන්න මෙහෙම සිද්දියක් අපේ කස්ටියකට උනාලු මොකද්ද දන්නවද?
අපේ එකෙක් 3 වෙනි පාරටත් A/L ලියල ගෙදරට වෙලා එෆ්.බී. එකේ එල්ලිලා ඉන්න අතරේ මේකට අර මොකද්ද විද්‍යාපිටද මොකද්ද කියල එකක් තියෙන්නේ ඒකේන් කොල් එකක් ආවාලු පෙබරවාරි 1 පටන් ගන්නවා වරෙන් කියල(හැබැයි මුට ඕක සෙට් උනෙ 2වෙනි පාර රිසාල්ට් වලට). ඉතින් මේකටත් මොකද ලොකුවට දහ අතේ කොල් කර කර කියනවා “මචං මට විද්‍ය පීට ආවා 1 වෙනිදා පටන් ගන්නවා කියල“. අපිටත් ඉතින් හෙන සැටිස් මොකද අපිත් එක්ක හිටපු එක කාල කන්නියෙක්ට හරි හරි ගියානෙ කියල. මමත් ඉතින් විජහට ලෑස්තිවෙලා 25 වෙනිද මුන්ගේ ගෙදර ගියා පොඩි ආතල් එකක් දාල එන්නම් කියල, මොකද ආයෙත් සෙට් වෙන්නේ නැති හින්ද. (මුන්ගේ ගෙදර කිව්වට මූ බෝඩ් වෙලා හිටපු ගෙදරට, බෝඩිමක් කිව්වට අපෙ එල ෆිට් කොල්ලෙක්ගේ ගෙයක් නිකම් අපේ ගෙදර වගේ තමයි) ඉතින් මෙහෙම ඉද්දි අද මේ ගෝතය ඇවිත් කියනවා “මචං මම අරෙහෙ යන් නෑ බං, එහෙ නිවාඩු නැ යකෝ“ කියල. තව කියපි “යකෝ මට මේකට යන්න බෑ කිව්වම මට වැඩිය මේකට අමාරැ අනිත් උන්ටනේ මම 4න් එකත් ඔෆ් කරල දැම්ම බං“කියල, මුගේ ආච්චිට සීනි කිරන්න ඇයි යකෝ ජොබක් අතේ කියල මේ @%$ට මොකද තේරැම් ගන්න බැරි.
හරි හරි කියන්න ගියේ වෙන කුණුහරැපයක්නේ ආයි එතෙන්ට එමු නේද...........
මම කීවනේ මම මුගෙ බෝඩිමට ගියා කියල. ඉතින් රෑ 7ට විතර ගිහිල්ලා අරෑගේ අම්මටත් ටිකක් අසනීපයි ඒ හින්ද අපේ අර විද්‍යපීට කාරය තමයි ඉව්වේ, කෑම ටික නම් මෙලෝ රහක් නෑ මොනා කරන්නද රෑට බඩගින්නේ ඉන්නද අමාරැවෙන් හරි ඇස් දෙකයි දිවයි උල් කරගෙන කෑම ටික ගිල්ල.
ඊටත් පස්සේ ගියා කියමුකෝ කාමරේට, ගියේ නම් නිදාගන්නම් කියල මොකද පහුවද මටත් අධ්‍යපනය ලබන්න (හොදට නිදාගන්න) යන්න තියෙන හින්ද. මේන් වැඩක් “ෂැගී මගේ ලැප ෆෝමැට් කරමුද? ඒක මහ ලෙඩ ගොඩක් බං“ මොනා කරන්නද ආමාරැවෙන් හරි CD එකක් හොයාගෙන ඒකත් කොරා.
දැන් රෑ 10ට විතර ඇති කාමරේ ඉන්නෙත් මමයි අර විද්‍යපීට කාරයයි උගෙ මලයයි ගෙදර අයිතිකාරයයි කොහෙන්දෝ කාඩ් පැක් එකකුත් හම්බුනා, මටත් මොකද “වරෙල්ලා බං ගහමු ඔම්බියක්“ මේ අස්සේ මලය කියපි “අනේ අයියා තව පොඩ්ඩකින් මට වැඩ වගයක් තියෙනවා“ මොනා කරන්නද මූ මේ පාර A/L ලියනවනේ. මේකා එනකම් අපිත් 7වාසි ගහපි මේ ගේම යන්නේ අර විද්‍යපීට කාරයට ඕනි විදියට මොකද අනිත් උන් ඔය ගේම දන්නව කියලැයි.
ඇන් අර මලයත් බැහැපි ගේමට දැන් ඉතින් ඕම්මි තමයි. මෙහෙම රෑ2 විතර වෙනකම් ඔය ගේමත් ගියා කියමුකෝ.
කස්ටියත් නිදි කිරනවා කියපි එකසිය ගානට “දැන් නිදාගමුනේ“ අපිටත් ඉතින් එහෙම්ම හින්ද “හා යමල්ලා“ කියල, මායි ගෙදර අයිති කාරයයි නිදා ගන්න පොට් එකක් ලෑස්ති කරන අස්සෙ අර මලය කියපි “අයියා මට හු&$ බරයි යමන්කෝ චූ කරල එන්න“ කියල, මේකගේ අයියත් ඉතින් අරකා අහවල් වැඩේ කොරල එනකම් අහවල් එක අල්ලන් ඉන්න එකා වගේ ගියේ නැද්ද පැනල.
මේන් ගිහිල්ලා තත්පර 5යි ගිය උන්ටික අර සාලේ එලල තිබ්බ කොට්ට මේට්ටෙ ටිකත් ඇදගෙන අනිත් පැත්තට දුවන් ඇවිත් නිදි.
අපි අහපි “ඇයි බං මොකො උනේ“ කියය එතකොටම අරෑ කියපි “එලියේ කවුද කෙදිරි ගානව බං කියල“.
මාත් ඉතින් වෙලාව එහෙම බලලා ලොකුවට “කෝ වරෙල්ලා යන්ට බලන්න“ කියල ලොකුවට කිව්වට මගෙත් හිතට නිකම් මොකද්ද වගේ.
මෙ යන අස්සෙ මොකද්ද කන අස්සේ සද්දයක් ඇහුනා කියපියකෝ බෑලීනම් අර විද්‍යපීට කාරය ආතල් දෙනවා, කන පුරවල එකක් අත අරින්න හිතුනත් මොනා කරන්නද මමනේ ලොකු මිනිහා වගේ අරැන්වත් ඇදන් ආවේ ඉතින් බයයි කියල අරැන්ට පෙන්නන්නද ගියා ඉස්සරහටම.
පටන් ගත්තේ නැද්ද “හුම්.... හූම්......“
සිරාවටම මිනිහෙක් කෙදිරි ගානව වගේමයි, දන්නෙත් නැතුවම බයටම මල් වැටට හයි කරල තිබ්බ ගඩොල් 1/2ක් ඇරගෙන කෙලපි අර සද්දේ එන දිහාට.
ඒත් සද්දෙ මොන අඩුවක්ද............... කරන්නත් දෙයක් නෑ, එකෙක්වත් නො කතා, ඉස්සරහට යන්නත් බයයි. ටිකක් වෙලා යද්දි තේරැනෙ මේ බස්සෙක් කියල.
ඉතින් එහෙම කියල ආපහු ඇවිත් දෙයියනෙ කියල කවදාවත් නැතුව දෙයියො බුදුන් සිහිකරන් ගැහි ගැහි නිදා ගත්තා කියපියකෝ.
පහුවදා අරෑගේ අම්මගෙන් අහද්දි තමයි දන්නේ ඒ බස්සෙක් තමා කියල. දැන් ඉතින් එක එකාට තනි තනියම බක බක ගගා හිනා.
කස්ටිය සෙට් උනාම රෑ 1,2 වෙනකම් ගම වටෙ කරක් ගහපු මම, මට මතක විදියට එදයින් පස්සේ රෑ10,10.30 වෙද්දි ගෙදර.
අනේ මන්ද......................................................................
Tuesday, January 31, 2012
Sunday, January 29, 2012
පුලුවන්නම් කියමු බලන්න
මෙන්න මේකයි ප්‍රශ්නේ....
ඔන්න එක පළාතක දරුවෝ තුන්දෙනෙක් ඉන්න පවුලක් තිබුණා.මේ පවුලේ තාත්තට හිටියා බැටලුවෝ 18 දෙනෙක්.මේ පළාතෙ සම්ප්‍රදායක් තිබුණා දරුවන්ට දේපල බෙදනකොට ලොකුම දරුවට තියෙන දේවල් වලින් හරියට 1/2 ක් දෙන්න ඕනි.දෙවෙනියට තියෙන දේවල් වලින් 1/3 ක් දෙන්න ඕනි.තුන්වෙනි කෙනාට තියෙන දේවල් වලින් 1/9 ක් දෙන්න ඕනි.ඉතින් මේ තාත්තට උවමනා වුනා තමන්ගේ බැටලුවෝ ටික මේ ක්‍රමයට බෙදන්න.නමුත් පොඩි ගැටලුවක් තියෙනවා මේ බැටලුවෝ 18 දෙනාගෙන් තාත්තා කැමතිම බැටලුවෙක් ඉන්නවා ඒ බැටලුවා තමන්ට තියගන්න ඕනි.ඉතින් එහෙම එකෙක් තියාගෙන ඉතිරි බැටලුවෝ ටික බෙදපු විදිහ කියමුකො බලන්න
Tuesday, January 24, 2012
පිස්සන් කොටුවේන් ඇහෙන කතා 1
ඔන්න ඉතින් කාලෙකින් පරණ කතාවකුත්
අරන් "සටහන" පැත්තේ එන්ට හිතුනා
.ඔන්න මේක අංගොඩ පැත්තෙ ඒ කිව්වේ පිස්සන් කොටුවේ වෙච්ච දෙයක් හොදේ.
ඔන්න පිස්සෙක් ඔය පිස්සන් කොටුවෙන් පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ
පිස්සන් කොටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින්
කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ....
ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා
යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ
ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින්
පහුවෙනි දවස උදාවුනා.
මෙන්න බොලේ අර පිස්සා
දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ
පැත්තකට වෙලා එපා
වෙලා ඉන්නවලු.... ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා
කිව්වට ගියේ නැද්ද බං කියලා.
එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
"බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා
තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ බං.ඉහි...... ඉහි......
ඉහි......"
ඔන්න ඕක තමා කතාව.එහෙනම් මම ගියා.හැමටම
ජය වේවා කිව්වා....
Sunday, January 22, 2012
පොඩිඑකා.
ඉතින් දවස් දෙකකින් විතර කතාවක් තියා කථන්දරයක් වත් කියන්න බැරි උනානේ, ඉතින් අද පොඩියට එකක් කියන්නම් කියල හිතුනා මොකද ක්සාස් එකකට ඇවිල්ලා කරන්න වැඩක්වත් තියෙන්න එපැයි මොකද මෙතන ඇවිල්ලා පැය 5ක් විතර නිදාගන්න එකත් හරියන වැඩක් නෙවෙයිනේ.
හරි හරි ඉතින් පොඩියට වගේ කතාව කියන්න පටන් ගන්නම්කෝ......
ඔන්න එක මහප්‍රණ බුවෙක්ගේ ගෙදරක මොකද්ද වැඩක් තියෙනවලු කොරන්නයි කිලාල, ඒක කොරන්න ඉතින් අර මහප්‍රණ බුවාට බැරි හින්දා ගෙන්නව්වලු පොඩි කොලු ගැටයෙක්ව (කොලු ගැටයෙක් කීවට මේකට වයස අවුරැදු 30ක් විතර වෙනවා කියල තමයි කියන්නේ).
ඉතින් මේකත් ඇවිල්ලා හරි බැරි ගැහිලා ලොකුවට උගේ වැඩ කටයුතු ටික පටන් ගත්තලු. මේ අස්සේ මෙතෙනට දුවගෙන ආවලු මේ ගෙදර අයිතිකාරයගේ පුතන්ඩියා, මේ පුතන්ඩියට ඉතින් වයස 4ක් විතර ඇති කියලයි කියන්නේ. මේකා හරි ලස්සන හුරැබුහුටි එකකෙක්ලු.
මේකව දැක්කට පස්සේ අර පොරට "පවුනේ පොඩිඑකා කම්මැලිකම යන්නත් එක්ක මූත් එක්ක කයියක් ගහගන වැඩේ කරන්න හිතුනලු" ඉතින් මේ පොර අර පොඩි එකාව ලගට අරන් ඌත් එක්ක පොඩි චැට් එකකට සෙට් උනාලු.
පොර: පුතේ ඔයාගේ නම මොකද්ද?
(දන්නවනේ ඔය වයසේ පොඩිඋන් ගැන, ටිකක් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට)
පොඩිඑකා: දිතා.....නා..යක (කියල උත්තර දුන්නලු)
(ඒක අහපු පොරට හෙන ආතල් එකක් ගියාලු පස්සේ පොර ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?
(අයෙත් අර පොඩි එකා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හුරතලේට වගේ නම කිව්වලු, මුට දැන් හෙන ආතල්ලු ආතල් කියන්නේ හෙන චූන්ලු මු ආයෙත් ආහුවලු)
පොර: ඔයාගේ නම මොකද්ද පුතේ?
දැන් ඉතින් අර පොඩි එකාගේ මල අතේලු මූ එක පැරවම වගේ කිව්වලු
පොඩිඑකා: ඇයි තඩි හු%@& පුතෝ දිතා..නායක.
කියල යන්න ගියාලු.
කරැණාකර ඔය වැඩිහියන් සියලුම දෙනා පොඩිහියන්ගෙන් ආතල් ගැනීමෙදි පරිස්සම් වන්න.
මේක මේ අපේ කොල්ලෝ සෙට් එක චැට් එකකට සෙට් වෙලා ඉද්දි "වි.ස." කියල අපේ කොල්ලෙක් කියපු පොඩි පහේ කතාවක්.

English
අපි නොදන්න ඉංගිරිසි.
අනේ බොලව් .................................
හා කියපල්ලා බලන්න තොපිට හරියට අල්පොබොට් කියව ගන්න පුලුවන්ද,
අඩුම ගානේ මුල ඉදල අගට තියා අග ඉදල මුලට වත් කියව ගන්න පුලුවන්ද බොලව්....................
අනේ බොලව් .................................
හා කියපල්ලා බලන්න තොපිට හරියට අල්පොබොට් කියව ගන්න පුලුවන්ද,
අඩුම ගානේ මුල ඉදල අගට තියා අග ඉදල මුලට වත් කියව ගන්න පුලුවන්ද බොලව්....................
තොපි වැඩිම උනොත් එකම එක වචනයක් හරියට කියයි "F_C_" මම හරිනේ?
නොදන්න මගුල් කොරන්න ගිහින් ඇදන් ඉන්න අඹුඩෙත් ගලව ගන්නේ නැතිව නොදන්න ඉංගිරිසියට වඩා දන්න සුද්ද සිංහලේ හරි හොදයි නේ, කියපියව්. ඉතින් අමු තිත්ත කුණු හරැප වලින් හරි කමක් නෑ හරියට දන්න රෙද්දකින් හරියට කතා කරපියව්.
Subscribe to:
Posts (Atom)